Widi Kone Mawatha Addara Song Lyrics - වීදි කොනේ මාවත අද්දර ගීතයේ පද පෙළ

Widi Kone Mawatha Addara Song Lyrics - වීදි කොනේ මාවත අද්දර ගීතයේ පද පෙළ
Song Title : Widi Kone Mawatha Addara (වීදි කොනේ මාවත අද්දර)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ස්ටැන්ලි පීරිස්


වීදි කොනේ මාවත අද්දර
අඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා
පියා කොහේදැයි මවගෙන් අසණු එපා

මමත් පියකි පුත නුඹ වැනි දරුවකුගේ
මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
බලා ඉඳිමි මම නුඹ නළවන්නට
පොඩි හිස අතගා
සුරතල් පුතේ කියා

වීදි කොනේ මාවත අද්දර
අඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා
පියා කොහේදැයි මවගෙන් අසණු එපා

පියෙක් ඉඳියි පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැතිද ඒ සෙවණේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරිදත් පෙන්නා
මා අමතන විට
සුරතල් පුතේ කියා

වීදි කොනේ මාවත අද්දර
අඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා
පියා කොහේදැයි මවගෙන් අසණු එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Widi Kone Mawatha Addara Song Lyrics - වීදි කොනේ මාවත අද්දර ගීතයේ පද පෙළ Widi Kone Mawatha Addara Song Lyrics - වීදි කොනේ මාවත අද්දර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2022 Rating: 5

0 comments:

Post a Comment