Wala Yahane Song Lyrics - වලා යහනේ ගීතයේ පද පෙළ

Wala Yahane Song Lyrics - වලා යහනේ ගීතයේ පද පෙළ
Song Title : Wala Yahane (වලා යහනේ)
ගායනය : සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරී
පද : බන්දුල නානායක්කාරවසම්
තනුව : සමන්ත පෙරේරා


වලා යහනේ ළපළු ඕවිල්ලෙන්
ම වෙත ආ තරුවී
වසන්තේ විහඟී

පබා අරණේ රුසිරු දේදුන්නෙන්
පැහැ ගෙනා දෙවිඳූ
ජීවිතේ දිනිඳූ

පිරූ පෙරුමන් සැඟව යද්දී
සැඩ සුළං දහරේ
ඔබට හමුවූ හුදෙකලා මිනිසා

පෙලූ රැහැණින් මිදී එක දැහැණේ
පියුම පුබුදන සොඳුරු රණ තිසරා

පිදූ පුදසුන් උරණ වෙද්දී
නිසල බැති කුටියේ
කඳුළු සඟවා නොසඟවා සිටියා

හෙළූ නොහෙළූ ඒ කඳුළු මෙදිනේ
කිරුළ සරසන මිණි පබළු වූවා
වලා යහනේ ළපළු ඕවිල්ලෙන්
ම වෙත ආ තරුවී
වසන්තේ විහඟී

පබා අරණේ රුසිරු දේදුන්නෙන්
පැහැ ගෙනා දෙවිඳූ
ජීවිතේ දිනිඳූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wala Yahane Song Lyrics - වලා යහනේ ගීතයේ පද පෙළ Wala Yahane Song Lyrics - වලා යහනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2022 Rating: 5

0 comments:

Post a Comment