Malata Hiriharada Song Lyrics - මලට හිරිහැරද ගීතයේ පද පෙළ

Malata Hiriharada Song Lyrics - මලට හිරිහැරද ගීතයේ පද පෙළ
Song Title : Malata Hiriharada (මලට හිරිහැරද)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : ජගත් ගාමිණී මාවතගම
තනුව : සමන්ත පෙරේරා


මලට හිරිහැරද මලේ මුදු මුවරද
විලට හිරිහැරද විලේ පිපි ඉඳුවර
රැයට හිරිහැරද රැයේ නැඟි පුර හඳ
නුඹට හිරිහැරද කියන් මගෙ සෙනෙහස

මල නැති දා මල් මුවරද කොයින්දෝ
විල නැති දා විල් ඉඳුවර කොයින්දෝ
රැය නැති දා රෑ පුර හඳ කොයින්දෝ
නුඹ නැති දා මට සතුටක් කොයින්දෝ

මලට හිරිහැරද මලේ මුදු මුවරද
විලට හිරිහැරද විලේ පිපි ඉඳුවර
රැයට හිරිහැරද රැයේ නැඟි පුර හඳ
නුඹට හිරිහැරද කියන් මගෙ සෙනෙහස

මලේ පැතුම මල් මුවරද නොවේදෝ
විලේ පැතුම විල් ඉඳුවර නොවේදෝ
රැයේ පැතුම රෑ පුර හඳ නොවේදෝ
මගේ පැතුම සුහදේ නුඹ නොවේදෝ

මලට හිරිහැරද මලේ මුදු මුවරද
විලට හිරිහැරද විලේ පිපි ඉඳුවර
රැයට හිරිහැරද රැයේ නැඟි පුර හඳ
නුඹට හිරිහැරද කියන් මගෙ සෙනෙහස

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malata Hiriharada Song Lyrics - මලට හිරිහැරද ගීතයේ පද පෙළ Malata Hiriharada Song Lyrics - මලට හිරිහැරද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2022 Rating: 5

0 comments:

Post a Comment