Thaniwee Sitinnayi Maa Adahas Kale Song Lyrics - තනිවී සිටින්නයි මා අදහස් කළේ ගීතයේ පද පෙළ

Thaniwee Sitinnayi Maa Adahas Kale Song Lyrics - තනිවී සිටින්නයි මා අදහස් කළේ ගීතයේ පද පෙළ
Song Title : Thaniwee Sitinnayi Maa Adahas Kale (තනිවී සිටින්නයි මා අදහස් කළේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


තනිවී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ

මගෙ පාළු ලෝකයේ තනිවූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා

තනිවී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ

ඔබෙ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විෂ කටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී

තනිවී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thaniwee Sitinnayi Maa Adahas Kale Song Lyrics - තනිවී සිටින්නයි මා අදහස් කළේ ගීතයේ පද පෙළ Thaniwee Sitinnayi Maa Adahas Kale Song Lyrics - තනිවී සිටින්නයි මා අදහස් කළේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 22, 2022 Rating: 5

0 comments:

Post a Comment