Sanda Eliyath Dagakarayi Song Lyrics - සඳ එළියත් දඟකාරයි ගීතයේ පද පෙළ

Sanda Eliyath Dagakarayi Song Lyrics - සඳ එළියත් දඟකාරයි ගීතයේ පද පෙළ
Song Title : Sanda Eliyath Dagakarayi (සඳ එළියත් දඟකාරයි)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : සුනිල් දයානන්ද කෝනාර
තනුව : සුනිල් දයානන්ද කෝනාර


සඳ එළියත් දඟකාරයි
උණ පඳුරෙ වෙලි වෙලී
මනමාලකම් කරයි
කීවා නාහන නුඹෙ සුවඳ ඇවිත්
මට රිදවන රැයේ
පිල්කඩ උඩ තනිවී
මම තරු ඇහිඳිනවා
මූදු හතක් එහා ඉඳන්
නුඹ ඩිනාර් ගණිනවා

බෝඹු ඉපල් රටා වැටුණු ගෙමිදුල පාළුයි
ගේකුරුළු පැටව් ඉගිල ගියා පෑල දොරකඩින්
නුඹ එවන පාට තොරොම්බෝල
ගොම මැටි බිමට හරි බරයි
තනිකම් කරුවල මැද
සිල් පද බිඳී බිම වැටෙයි

කාසි පනම් නැති ලෙන්ගතුකම් කුමට සකී
නුඹ ලියා එවපු එකම කවිය කියා ගනු බැරී
අත පුරා පොදි බැඳන් කහවණු
නුඹ ගම රට වඩින දොහේ
ඉන්නම් එන පෙරමග
මගෙ තුන් හිත වහන් කරන්

සඳ එළියත් දඟකාරයි
උණ පඳුරෙ වෙලි වෙලී
මනමාලකම් කරයි
කීවා නාහන නුඹෙ සුවඳ ඇවිත්
මට රිදවන රැයේ
පිල්කඩ උඩ තනිවී
මම තරු ඇහිඳිනවා
මූදු හතක් එහා ඉඳන්
නුඹ ඩිනාර් ගණිනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Eliyath Dagakarayi Song Lyrics - සඳ එළියත් දඟකාරයි ගීතයේ පද පෙළ Sanda Eliyath Dagakarayi Song Lyrics - සඳ එළියත් දඟකාරයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2022 Rating: 5

0 comments:

Post a Comment