Ran Dedunu Ran Patin Song Lyrics - රන් දේදුනු රන් පාටින් ගීතයේ පද පෙළ

Ran Dedunu Ran Patin Song Lyrics - රන් දේදුනු රන් පාටින් ගීතයේ පද පෙළ
Song Title : Ran Dedunu Ran Patin (රන් දේදුනු රන් පාටින්)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි සහ පිරිස
පද රචනය : සිරි කුලරත්න (ප්‍රථම චිත්‍රපට ගීත රචනය)
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
1973 දී තිරගතවූ "මාතර ආච්චි" චිත්‍රපටියේ ගීයකි.


අඅඅඅ ආ... ආ... ආ ආඅආ.....

රන් දේදුනු රන් පාටින්
වෙළුණ රන්වලා (රන් වලා)
රන්වන් රන් පැහැය මුදා
නිලඹරේ බලා (අඹර බලා)
සිහිල පවන අතිනත ගෙන දෑත විදාලා
ඉගිලී යනවා (ඉගිලි ඉගිලි ඉගිලි ඉගිලි යනවා) //

මොහොතින් මොහොතට රඟ දෙන්නේ
දවසින් දවසට පෙරළෙන්නේ
භවයෙන් භවයට උපදින්නේ
ඒ මිහිරි අනන්ථය හමුවන්නේ

අපට නැතේ එය හමුවන්නේ
අපට නැතේ එය ළං වන්නේ //

රිදී කඳන් පෙරළි පෙරළි සිඹින වැලි තලා
බටිති මලිති මුමුණ මුමුණ රඟති තටු සලා
පවස නිවන සිහිල දනන සොඳුරු තැනිතලා
ගයන වයන ගීත නදට විහඟ මත්වෙලා

මොහොතින් මොහොතට රඟ දෙන්නේ
දවසින් දවසට පෙරළෙන්නේ
භවයෙන් භවයට උපදින්නේ
ඒ මිහිරි අනන්ථය හමුවන්නේ

අපට නැතේ එය හමුවන්නේ
අපට නැතේ එය ළං වන්නේ //

ඉද්ද සමන් පිච්ච කැකුළු බැද්දෙ පිපීලා
බැද්ද තුළින් සිනිඳු උළුඳු පියලි ඉසීලා
තමර විලයි බමර කැළයි පොකුරු ගැසීලා
නෙතට ගැටෙයි ගීත ළයට රැඟුම් රඟාලා

මොහොතින් මොහොතට රඟ දෙන්නේ
දවසින් දවසට පෙරළෙන්නේ
භවයෙන් භවයට උපදින්නේ
ඒ මිහිරි අනන්ථය හමුවන්නේ

අපට නැතේ එය හමුවන්නේ
අපට නැතේ එය ළං වන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Dedunu Ran Patin Song Lyrics - රන් දේදුනු රන් පාටින් ගීතයේ පද පෙළ Ran Dedunu Ran Patin Song Lyrics - රන් දේදුනු රන් පාටින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2022 Rating: 5

0 comments:

Post a Comment