Podi Rosa Nona Song Lyrics - පොඩි රෝස නෝන ගීතයේ පද පෙළ

Podi Rosa Nona Song Lyrics - පොඩි රෝස නෝන ගීතයේ පද පෙළ
Song Title : Podi Rosa Nona (පොඩි රෝස නෝන)
ගායනය : රූපා ඉන්දුමතී
මුල් ගීයේ පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව : ගලගෙදර එම්.එම්.ඒ. හක්
සංගීතය : ටී.එෆ්. ලතීෆ්


පොඩි රෝස නෝන නේදෝ
මම ජැන්ඩි සිංඤ්ඤො නේදෝ
අපි රෝස නෝන ජැන්ඩි සිංඤ්ඤො නේ //

අද මේ වෙලාවේ
ඇවිත් මේ ඉලව්වේ //
ආදි කාලෙ ඒවා දැන් නෑ ගැලපෙන්නේ //

පොඩි රෝස නෝන නේදෝ
මම ජැන්ඩි සිංඤ්ඤො නේදෝ
අපි රෝස නෝන ජැන්ඩි සිංඤ්ඤො නේ

හීන් හිනාවයි ලස්සණ මූණේ
පහන් තාරකා නිල්මිණි දෑසේ //

අද මේ වෙලාවේ
ඇවිත් මේ ඉලව්වේ //

පුංචි පුංචි මල් කුමරියො එනවා දැක්කා
හැංගි හැංගි ඇස් නටවයි මේ බෝනික්කා
ආදි කාලෙ ඒවා දැන් නෑ ගැලපෙන්නේ

ඔසරිය අගේ නෑ
සරමට තැනක් නෑ //
පුංචි අපිත් ලොකු අයගේ විකාර ලෝකේ

පාන් කිරිත්තෙක් ඇවිදින් ඉන්නේ
රූං කියාලා පියඹා යන්නේ //

හිත පාවුණාවේ
සැනසී ගියාවේ //

රංචු රංචු සමනලියෝ පියඹා එන්නා
හිච්චි වුනත් ඇස් නටවයි මේ බෝනික්කා

සාරිය අගේ නෑ
රෙද්දට තැනක් නෑ //
පුංචි අපිත් ලොකු අයගේ විකාර ලෝකේ

පොඩි රෝස නෝන නේදෝ
මම ජැන්ඩි සිංඤ්ඤො නේදෝ
අපි රෝස නෝන ජැන්ඩි සිංඤ්ඤො නේ //

අද මේ වෙලාවේ
ඇවිත් මේ ඉලව්වේ //
ආදි කාලෙ ඒවා දැන් නෑ ගැලපෙන්නේ //

පොඩි රෝස නෝන නේදෝ
මම ජැන්ඩි සිංඤ්ඤො නේදෝ
අපි රෝස නෝන ජැන්ඩි සිංඤ්ඤො නේ

1979 දී තිරගතවූ "මිනිසුන් අතර මිනිසෙක්" චිත්‍රපටියට නිර්මානය වූ ගීයකි. එම මුල් ගීය ගායනා කළේ, රූපා ඉන්දුමතී සමග රංජනී පෙරේරා ශිල්පිණියයි.

මුල් ගීයේ පද මෙලෙසිනි


පොඩි රෝස නෝන නේදෝ
මම ජැන්ඩි සිංඤ්ඤො නේදෝ
අපි රෝස නෝන ජැන්ඩි සිංඤ්ඤො නේ //

අද මේ වෙලාවේ
ඇවිත් මේ ඉලව්වේ //
ආදි කාලෙ ඒවා දැන් නෑ සලකන්නේ //

ඔසරිය අගේ නෑ
සරමට තැනක් නෑ //
පුංචි අපිත් ලොකු අයගේ විකාර ලෝකේ

පොඩි රෝස නෝන නේදෝ
මම ජැන්ඩි සිංඤ්ඤො නේදෝ
අපි රෝස නෝන ජැන්ඩි සිංඤ්ඤො නේ

හීන් හිනාවයි ලස්සණ මූණේ
පහන් තාරකා නිල්මිණි දෑසේ //

අද මේ ඇවිල්ලා
මා සමඟ නටාලා //

පුංචි පුංචි මල් කුමරියො එනවා දැක්කා
හැංගි හැංගි ඇස් නටවයි මේ බෝනික්කා

පොඩි රෝස නෝන නේදෝ
මම ජැන්ඩි සිංඤ්ඤො නේදෝ
අපි රෝස නෝන ජැන්ඩි සිංඤ්ඤො නේ

පාන්දරට දැක්කොත් සිරියාවයි
රූං කියාලා ආවේ ඒකයි //

හිනැහී ඇවිල්ලා
මා සමඟ රඟාලා //

පුංචි පුංචි සමනලයින් පියඹා එනවා
හැංගි හැංගි රෝස මලක් එබී බලනවා
රෝස නෝන කියලා මට විහිළු කරනවා

ඔසරිය අගේ නෑ
සරමට තැනක් නෑ //
පුංචි අපිත් ලොකු අයගේ විකාර ලෝකේ

පොඩි රෝස නෝන නේදෝ
මම ජැන්ඩි සිංඤ්ඤො නේදෝ
අපි රෝස නෝන ජැන්ඩි සිංඤ්ඤො නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Podi Rosa Nona Song Lyrics - පොඩි රෝස නෝන ගීතයේ පද පෙළ Podi Rosa Nona Song Lyrics - පොඩි රෝස නෝන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2022 Rating: 5

0 comments:

Post a Comment