Nil Nuwan Pengena Andura Gala Song Lyrics - නිල් නුවන් පෙඟෙන අඳුර ගලා ගීතයේ පද පෙළ

Nil Nuwan Pengena Andura Gala Song Lyrics - නිල් නුවන් පෙඟෙන අඳුර ගලා ගීතයේ පද පෙළ
Song Title : Nil Nuwan Pengena Andura Gala (නිල් නුවන් පෙඟෙන අඳුර ගලා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : අමරසේන කංකානම්ගේ


නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර ඔබෙ නමින්

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී

ළැම හසුන් රැඟුම් පා මනමත් කළා දෝ
රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ ඔබමය මගේ හිතත්
ඔබ ළඟ නැවතිලා

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර ඔබෙ නමින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Nuwan Pengena Andura Gala Song Lyrics - නිල් නුවන් පෙඟෙන අඳුර ගලා ගීතයේ පද පෙළ Nil Nuwan Pengena Andura Gala Song Lyrics - නිල් නුවන් පෙඟෙන අඳුර ගලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2022 Rating: 5

0 comments:

Post a Comment