Malathi Wasanthe Song Lyrics - මාලතී වසන්තේ ගීතයේ පද පෙළ

Malathi Wasanthe Song Lyrics - මාලතී වසන්තේ ගීතයේ පද පෙළ
Song Title : Malathi Wasanthe (මාලතී වසන්තේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුමාරදාස සපුතන්ත්‍රී


මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ
ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ //

නෙතු දැහැනේ රැ‍ඳෙනා සිහිනේ
හද මැදුරේ බිඳෙනා සුසුමේ //
ප්‍රේම ප්‍රාර්ථනා නේක වේදනා
මා සොයා ඇදේවී
මා සොයා ඇදේවී

මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ
ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ

මුතු හසරැල් සැලෙනා දෑසේ
පිණි කඳුලැල් පුරවා රහසේ //
මේ පහන් රැයේ මා නෙතින් මිදී
ඈ බලා හිදීවී
ඈ බලා හිදීවී

මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ
ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malathi Wasanthe Song Lyrics - මාලතී වසන්තේ ගීතයේ පද පෙළ Malathi Wasanthe Song Lyrics - මාලතී වසන්තේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2022 Rating: 5

0 comments:

Post a Comment