කරවිල (Karawila - Momordica Charantia (Bitter Melon))

කරවිල (Karawila - Momordica Charantia (Bitter Melon)) - Your Choice Way

🌿 මෙය මෙරට ජනතාව අතර ජනප්‍රිය එළවළුවකි. පහුරුවල උපකාරයෙන් ආධාරකයක එතී උඩට නගින වාර්ෂික වැල් වර්ගයකි.

🌿 මෙහි පත්‍ර ඒකාන්තරය. හෘදයාකාරය. පත්‍ර තලය කණ්ඩිකා පහකට බෙදී ඇත.

🌿 මල් ඒක ලිංගිකය. පූමංගි හා ජායංගි මල් එකම ශාකයේ පිහිටා තිබේ. මලක විශ්කම්භය අඟලක් පමණ වේ. මල් බොහෝ විට කහ පාටය. සුදු පාට මල් ද ඇත.

🌿 කරවිල ඵලය අණ්ඩාභයකි. ඵලයේ දෙකොන උල්ය. දාර සහිතය. ගැටිතිවලින් ඵලාවරණය වැසී ඇත. පැසුණු විට ඵලය කහ පාට වී පැලී යයි. ඇතුළත ඇති ඇට රතු පාට ලොඳයක දැවටී ඇත. 

🌿 කරවිල ලංකාව, ඉන්දියාව, මලයාව, චීනය හා නිවර්තනික අප්‍රිකාව යන රටවල වවනු ලැබේ.

🌿 කරවිල බටු කරවිල, සුදු කරවිල හා තුඹ කරවිල ආදී විවිධ ප්‍රභේද වශයෙන් හමුවේ. කරවිල Cucurbitaceae කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම
🌿 සංස්කෘත ග්‍රන්ථවල කරවිල හැඳින්වෙන්නේ “කරවල්ලි“, “කරවල්ලි ලතා“, “කරවේල්ල“ හා “අම්බුලවල්ලිකා“ යනුවෙනි.

🌿 කරවිල තිත්තය, ඌෂ්ණය, මල බැඳීම කරයි, වණ සුව කරයි, බඩවැලේ, ප්ලීහාවේ හා උදරයේ රෝග නසයි.

🌿 කුසගිනි වඩවයි. උණ, කුෂ්ට, ඉදිමුම්, මුත්‍ර අඩස්සිය, වාත හා ශ්ලේෂ්මල රෝග නසයි. කරවිල නිද්‍රාජනකය.

🌿 ආහාර අරුචිය, සෙම, වාත රක්ත දෝෂ, උණ, පිත, කුරුමිණි රෝග හා පාණ්ඩු රෝග නසයි.

🌿 ඉන්දියාවේ කොංකන ප්‍රදේශයේ වෛද්‍යවරු පිත් රෝගයෙන් පෙළෙන අයට කරවිල කොළ යුෂ පතක් පමණ බීමට දෙති.එහි එය වමනකාරකයක් හා විරේචකයක් ලෙස සලකනු ලැබේ .

🌿 කරවිල මූල අර්ශස් රෝගයට ප්‍රතිකාර සඳහා තනනු ලබන ඔසු සඳහා ගනු ලැබේ.

🌿 චීන වෙදකමේද රෝගාබාධ බොහෝවකට කරවිල ප්‍රශස්ත ඔසුවක් සේ සලකති.

🌿 කරවිලවල මධුමේහය හෙවත් දියවැඩියාව පාලනය කල හැකි ගුණයක් ඇකි බව ප්‍රකට කරුණකි.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි.සරත් රණවීර සහ රේඛා රණවීර සේයා රූ  අන්තර්ජාලයෙන්
කරවිල (Karawila - Momordica Charantia (Bitter Melon)) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කරවිල (Karawila - Momordica Charantia (Bitter Melon)) කරවිල (Karawila - Momordica Charantia (Bitter Melon)) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2022 Rating: 5

0 comments:

Post a Comment