Nagena Watena Wati Nagena Song Lyrics - නැඟෙන වැටෙන වැටී නැඟෙන ගීතයේ පද පෙළ

අයිවෝ ඩෙනිස්
Song Title : Nagena Watena Wati Nagena (නැඟෙන වැටෙන වැටී නැඟෙන)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සහ අයිවෝ ඩෙනිස්
පද රචනය : කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව හා සංගීතය : සිසිර සේනාරත්න
1969 දී තිරගතවූ "කවුරුද හරි" චිත්‍රපටියෙන්


නැඟෙන වැටෙන වැටී නැඟෙන පෙරළෙන ලෝකේ
වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ //

එකින් එකට කොටු පැන පැන පෙරට ඇදෙන්නේ
දිනුම් පෙන්න අතේ දුරයි කැපී වැටෙන්නේ
වැටුණු ඉරට රුවන් ඉරයි වැටී පෙනෙන්නේ
දාදු දමන්නේ

නැඟෙන වැටෙන වැටී නැඟෙන පෙරළෙන ලෝකේ
වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ

දරුණු රුදුරු නාග විසෙන් මැණික වැසෙන්නේ
වාසනාව නාග කටේ ඇයි බිය වෙන්නේ
බලාපොරොත්තුවේ දොරටු පවට වැසෙන්නේ
පිනට ඇරෙන්නේ

නැඟෙන වැටෙන වැටී නැඟෙන පෙරළෙන ලෝකේ
වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ

පියෙන් පියට දාදු පෙතේ කපටි ගැට වැටේ
ගැටින් ගැටේ ගැටී වැටේ මහ දහම් ගැටේ
වැටී පොරට යන්න පෙරට ගැටින් ගැට කැපේ
දාම දිනන්නේ

නැඟෙන වැටෙන වැටී නැඟෙන පෙරළෙන ලෝකේ
වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ

ඇත්ත නැත්ත දාදු දමයි දිවි හටන් බිමේ
නැත්ත මතින් ඇත්ත නැඟී සිටී අන්තිමේ
විනිස දවස පැමිණිදාට කර්මයා අසයි
කවුරුද හරි
කවුරුද හරි
කවුරුද හරි
කවුරුද හරි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nagena Watena Wati Nagena Song Lyrics - නැඟෙන වැටෙන වැටී නැඟෙන ගීතයේ පද පෙළ Nagena Watena Wati Nagena Song Lyrics - නැඟෙන වැටෙන වැටී නැඟෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2022 Rating: 5

0 comments:

Post a Comment