ටෝනි ඇකාර්ඩෝ - චිකාගෝ මාෆියා සංවිධානය වසර 40 කට වැඩි කාලයක් පාලනය කළ, එක් දිනක් පමණක් සිරගත වූ මාෆියා නායකයාගේ කතාව (Tony Accardo)

ටෝනි ඇකාර්ඩෝ - චිකාගෝ මාෆියා සංවිධානය වසර 40 කට වැඩි කාලයක් පාලනය කළ, එක් දිනක් පමණක් සිරගත වූ මාෆියා නායකයාගේ කතාව (Tony Accardo) - Your Choice Way

ඇමරිකා එක්සත් ජනපදයේ මත්පැන් භාවිතය සහ වෙළඳාම තහනම් කර තිබූ යුගයේ (1920-1933) දී චිකාගෝ හි "අල් කපෝන්" යනු නගරයේ පාතාලය පාලනය කළ පාතාල රජු බවට විවාදයක් නැත. එහෙත් 1931 දී මේ බියකරු පාතාල නායකයා බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සඳහා සිරගත කරන ලදී. අවසානයේදී ඔහු නිදහස් වුවද ඇදුම රෝගය නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වය ඉතා පිරිහී තිබූ නිසා ටික කලකට පමණක් ඊළග නායක කමට සුදුසු හොදම මිනිසකු නොමැතිව කාලය ගත විය.

ටෝනි ඇකාර්ඩෝ කරලියට පැමිණෙන්නේ මේ අතර වාරයේදීය. 1906 අප්‍රියෙල් 28 වන දින ඇන්ටෝනිනෝ ලෙනාඩෝ ඇකාර්ඩෝ නම් මේ "අනාගත පාතාල රජතුමා" උපත ලද අතර ඔහු හැදී වැඩුණේ චිකාගෝ හි “ලිට්ල් සිසිලි” ප්‍රදේශයේ ය.  ඔහුගේ පියා සාමාන්‍ය සපත්තු සාදන්නෙකු වූ අතර මව ගෘහනියක් විය.  ඔහු දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා විය.

ඇකාර්ඩෝ යනු ඔහු පාසලෙන් ඉවත් වූ සැනින් විවිධ අපරාධ සිදු කිරීම සදහා සම්බන්ධ වූ අයෙකි. තරුණ වයසේදී ඔහු සහ ඔහුගේ කණ්ඩායම වෙළඳසැල් කොල්ලකෑම හා විනෝදයට කාර් සොරකම් කිරීම ආදී අපරාධ සිදු කරන ලදී. 1920 මැද භාගය වන විට ඇකාර්ඩෝට අල් කපොන් මුණගැසෙන ලදී. වයස අවුරුදු 20 දී, ඔහු පාතාල කල්ලිය හා සම්බන්ධ වූ අතර ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමටද සමත් විය.

සිය වෘත්තීය දිවියේ මුල් අවදියේදී වරක් ඇකාර්ඩෝ, කපෝන්ව පාවා දුන් පුද්ගලයින් කිහිප දෙනෙක් අල්ලාගෙන බේස්බෝල් පිත්තකින් ඔවුන්ට පහර දී මරා දැමීය.  ඔහුගේ කාර්යයන් ගැන සතුටු වූ කපෝන් ඔහුට “ජෝ බැටර්ස්” යන අන්වර්ථ නාමය ලබා දුන්නේය. ඔහුගේ ප්‍රචණ්ඩකාරී බව හැරුණු විට ඇකාර්ඩෝ යනු ඉතා නිහඩ සහ සන්සුන් හැසිරීමක් තිබූ අයෙකු බව ප්‍රසිද්ධය. ඔහුගේ මේ ගුප්ත බව නිසාම පාතාලයේ ඉහළටම යාමට ඔහුට ඉතා පහසු විය. කෙටි කලකින් ඔහුට අල් කපොන්ගේ  පෞද්ගලික රියදුරු සහ ආරක්ෂකයා ලෙස වැඩ කිරීමට අවස්ථාව ලැබුණි. එයත් සමගම ඔහු මුදල් වලට වඩා දෙයක් තම දිවියට ළගා කර ගන්නා ලදී. එනම් ඇමරිකා එක්සත් ජනපදයේ අංක එකේ භයාණකම මිනිසාගේ විශ්වාසයයි.

එමෙන්ම කපෝන් කෙතරම් ඇකාර්ඩෝව විශ්වාස කළේද යත්, 1929දී සිදු වූ සුප්‍රසිද්ධ ශාන්ත වැලන්ටයින් දින සංහාරයටද ඔහුව සහභාගී කරවන්නට ඇතැයි බොහෝ මත පළවේ. මෙම කුප්‍රකට සිද්ධියේදී නාඳුනන මිනිසුන් සිව්දෙනෙකු කපෝන්ගේ වඩාත් කුප්‍රකට ප්‍රතිවාදියා වන ජෝර්ජ් “බග්ස්” මොරන් වෙනුවෙන් වැඩ කළ මිනිසුන් හත්දෙනෙකුට දරුණු ලෙස වෙඩි තබා ඇත. මෙය සිදු කල පුද්ගලයින් අදටද හදුනාගෙන නැත.

මෙම ශාන්ත වැලන්ටයින් දින සංහාරය චිකාගෝ පුරා දැඩි කම්පනයක් ඇති කළ අතර එමඟින් නගරයේ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමට රජය දැඩි ලෙස පෙළඹුණි. එහෙත් අවසානයේ 1931 දී කපෝන් බදු පැහැර හැරීමක් සම්බන්ධයෙන් වැරදිකරු වී සිරගෙට යවන ලදී. ඉන්පසු 1933 දී මත්පැන් තහනමද ඉවත් කරන ලදී.

නැවත වරක් මත්පැන් බෙදා හැරීම නීත්‍යානුකූල වීමත් සමඟ, නව ආදායම් මාර්ගයක් සොයා ගැනීමට මෙම මැර කල්ලියට සිදුවිය. සැබැවින්ම ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ නීති විරෝධී මත්පැන් ජාවාරමයි. ඇත්ත වශයෙන්ම, මැර පිරිසට තවත් විශාල ප්‍රශ්නයක්ද විය. එනම් නව නායකයෙකු සොයා ගැනීමේ ප්‍රශ්ණයයි.

මේ කාලයේ ඇකාර්ඩෝ ඔහුගේම කුඩා මැර සංවිධානයක් පිහිටුවා ගත් අතර ක්‍රමයෙන් ඔහු ඉහළට පැමිණෙන ලකුණු පහළ විය. එහෙත් ඔහු තවමත් නව රජුගේ පුටුවට පත්වීමට තරම් ළාබාල වැඩි විය. මේ අතරතුර කාලයේ තවත් අය කාපොන්ගේ පුටුවට පැමිණියද ඒ කිසිවකුටවත් සාර්ථක වීමට නොහැකි විය. එක්කෝ ඔවුන් සියදිවි නසා ගත් අතර නැතිනම් සිරභාරයට පත් විය.

ඇකාර්ඩෝගේ වාසනාවකට මෙන් ඔහුගේ සමීපතමයෙක් වූ "රිකා" ඉන් අනතුරුව මෙම පුටුවට පත් විය. කෙටි කලකින් ඔහුද සිරගත කරන ලද අතර සිරගත වීමට ප්‍රථම ඔහු ඇකාර්ඩෝ කණ්ඩායමේ නායකයා ලෙස නම් කරන ලදී. ඒ ආකාරයට චිකාගෝ පාතාලයේ රජු බවට පත්විය.

වැඩි කල් යන්නට මත්තෙන් ඇකාර්ඩෝගේ  පාලනය යටතේ මැර පිරිස වසර ඉතා විශාල ලෙස ධනවත් වූ බව කියැවේ. ඔවුහු අලුතින් සුදුව දෙසට යොමු වූ අතර එහි වංචා මගින් විශාල මුදලක් ඉපයීමට හැකිවිය.

නමුත් ඇකාර්ඩෝගේ සාමාන්‍ය ජීවන රටාව අනුව විනිශ්චය කිරීමෙන් ඔහු ධනවත් මිනිසෙකු යැයි ඔබ කිසිදිනෙක අනුමාන නොකරනු ඇත.  ඔහු ජීවත්වීම සඳහා කළේ කුමක්දැයි යමෙකු ඔහුගෙන් ඇසුවොත්  ඔහු පවසන්නේ බියර් අලෙවිකරුවෙකි යන්නයි. ඔහු තම බිරිඳ ක්ලැරිස්ට හොඳ ස්වාමිපුරුෂයකු වූ අතර ඔහුට දියණියන් දෙදෙනෙකු සහ දරුකමට හදාගත් පුතුන් දෙදෙනෙක් සිටියහ. කැපී පෙනෙන ලෙස වැඩ කිරීමට සමත් කැපොන් මෙන් නොව ඇකාර්ඩෝ සෙවණැලි අතර වැඩ කිරීමට කැමැත්තක් දැක්වූ අයෙකි. ඔහුගේ නුවණැති ශෛලියට ස්තූතිවන්ත වන්නට, සංවිධානාත්මක අපරාධ කෙරෙහි ඇකාර්ඩෝගේ බලපෑම එකවරම දැවැන්ත මෙන්ම අදෘශ්‍යමාන එකක් විය. එෆ්බීඅයි ඒජන්ත විලියම් එෆ්. රෝමර් ඇකාර්ඩෝව මේ නිසා හදුන්වා දුන්නේ “ජෙනුයින් ගොඩ් ෆාදර්” ලෙසය.

අනෙක් බොහෝ අපරාධකරුවන් නොව ඇකාර්ඩෝ සිරගෙයක් තුළ ගත කර තිබුණේ එක් දිනක් පමණි. මේ ආකාරයට ජනප්‍රියත්වයට වඩා සෙවණැලි අතර වැඩ කරමින් ඇකාර්ඩෝ චිකාගෝ මැර පිරිස වසර 40 කට වැඩි කාලයක් පාලනය කළේය.  එම කාලය තුළ ඔහු  අපරාධ සංවිධානය නව මෙහෙයුම් හා ප්‍රදේශ කරා ගෙනයාම සිදු කරන ලදී. 

ඇකාර්ඩෝ කිසි විටෙකත් කපෝන් තරම් කුප්‍රකට මට්ටමට පැමිණියේ නැත. අද දක්වාම, ඇකාර්ඩෝගේ නම බොහෝ දෙනෙක් නොදනිති. නමුත් බොහෝ ප්‍රවීණයන් විශ්වාස කරන්නේ එය ඔහුගේ සාර්ථකත්වයට එක් ප්‍රධාන හේතුවක් වන අතර එය ඔහුගේ බුද්ධියට සාක්ෂියක් බවයි.

ඇකාර්ඩෝ 1950 දශකයේ අග භාගයේදී මාෆියා රජකු ලෙස ගෙවූ තම දිවියෙන් “විශ්‍රාම ගිය” නමුත් ඔහු දිගින් දිගටම  උපදේශකයෙකු ලෙස ක්‍රියා කරන ලදී. චිකාගෝ මැර පිරිස මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් ඈත්ව සිටිය යුතු බව ඔහු දැඩිව අවධාරණය කරන ලදී.

ටෝනි ඇකාර්ඩෝ 1992 මැයි 22 වන දින හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේය.  මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86 කි. සැබැවින්ම එවැනි භයානක ව්‍යාපාරයක තම ජීවිතයේ වැඩි කාලයක් ගත කළ අයෙකුට එය විශිෂ්ට ජයග්‍රහණයකි.
ටෝනි ඇකාර්ඩෝ - චිකාගෝ මාෆියා සංවිධානය වසර 40 කට වැඩි කාලයක් පාලනය කළ, එක් දිනක් පමණක් සිරගත වූ මාෆියා නායකයාගේ කතාව (Tony Accardo) - Your Choice Way
Sensitive content - ශාන්ත වැලන්ටයින් දින සංහාරයෙන් චිකාගෝ හි උතුරු පැත්තේ කල්ලියේ සහායකයින් හත් දෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලදී. අල් කපෝන් විසින් පහරදීම සංවිධානය කළ බවට සැක කරන ලද අතර ටෝනි ඇකාර්ඩෝ ඊට සහභාගී වූ බවට චෝදනා එල්ල විය.

ටෝනි ඇකාර්ඩෝ - චිකාගෝ මාෆියා සංවිධානය වසර 40 කට වැඩි කාලයක් පාලනය කළ, එක් දිනක් පමණක් සිරගත වූ මාෆියා නායකයාගේ කතාව (Tony Accardo) - Your Choice Way
1930 දී තරුණ ටෝනි ඇකාර්ඩෝ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ටෝනි ඇකාර්ඩෝ - චිකාගෝ මාෆියා සංවිධානය වසර 40 කට වැඩි කාලයක් පාලනය කළ, එක් දිනක් පමණක් සිරගත වූ මාෆියා නායකයාගේ කතාව (Tony Accardo) ටෝනි ඇකාර්ඩෝ - චිකාගෝ මාෆියා සංවිධානය වසර 40 කට වැඩි කාලයක් පාලනය කළ, එක් දිනක් පමණක් සිරගත වූ මාෆියා නායකයාගේ කතාව (Tony Accardo) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2022 Rating: 5

0 comments:

Post a Comment