දවසේ වැදගත්කම - ජනවාරි 30 ලෝක ලාදුරු රෝගය තුරන් කිරීමේ දිනය (Significance Of The Day - January 30 World Leprosy Eradication Day)

දවසේ වැදගත්කම - ජනවාරි 30 ලෝක ලාදුරු රෝගය තුරන් කිරීමේ දිනය  (Significance Of The Day - January 30 World Leprosy Eradication Day) - Your Choice Way

ලෝක ලාදුරු රෝගය තුරන් කිරීමේ දිනය අද එනම් ජනවාරි 30 දින ලොව පුරා සමරනු ලැබේ.

ලාදුරු රෝගය ශ්වසන මාර්ගයෙන් බෝ වන නමුත් එය ඉතා පහසුවෙන් බෝ නොවන රෝගයක් බව විශේෂ කරුණකි.  එනිසා ලාදුරු රෝගීන් සමාජයෙන් කොන් කිරීම නොකළ යුත්තකි. සෑම පුද්ගලයන් දස දෙනකුගෙන් නව දෙනෙකුටම ලාදුරු රෝගයට එරෙහි ස්වභාවික ප්‍රතිශක්තියක් ඇත. එනම් ජනගහනයෙන් සියයට අනූවකට ම ලාදුරු රෝගයට එරෙහි ස්වභාවික ප්‍රතිශක්තියක් තිබේ. මෙම සියයට අනූවක පිරිස් බෝ වන ලාදුරු රෝගය සහිත රෝගියකු ඇසුරු කළ ද රෝගය බෝ නොවේ.

එසේම ලාදුරු රෝගීන් දස දෙනකුගෙන් අට දෙනෙක් ලාදුරු රෝගය බෝ නොකරන අය වෙති. එම බෝ නොවන වර්ගයේ ලාදුරු රෝගියකු වුවද ප්‍රතිකාර ආරම්භ කළ පසු එම රෝගියාගෙන් අන් අයට රෝගය බෝ නොවේ. ස්ත්‍රී හෝ පුරුෂ භේදයක් නොමැතිව මේ රෝගය වැළඳීමේ ප්‍රවණතාව පවතී. නූතන බහු ඖෂධ ප්‍රතිකර්ම ක්‍රමය නිසා ලාදුරු වැළඳුණු අයකු නිට්ටාවටම සුව කළ හැකිය. 

මේ රෝගය මුල් අවස්ථාවේ ම හඳුනා ගැනීමෙන් ලාදුරු නිසා ඇති වන විකෘතිතාවයන් වළක්වා ගත හැකි වෙයි. ප්‍රතිකාර ගන්නා පුද්ගලයකුට සාමාන්‍ය ජීවන රටාව එලෙසින් ම ගත කළ හැකි ය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - ජනවාරි 30 ලෝක ලාදුරු රෝගය තුරන් කිරීමේ දිනය (Significance Of The Day - January 30 World Leprosy Eradication Day) දවසේ වැදගත්කම - ජනවාරි 30 ලෝක ලාදුරු රෝගය තුරන් කිරීමේ දිනය (Significance Of The Day - January 30 World Leprosy Eradication Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2022 Rating: 5

0 comments:

Post a Comment