Mandira Mandapa Song Lyrics - මන්දිර මණ්ඩප ගීතයේ පද පෙළ

Mandira Mandapa Song Lyrics - මන්දිර මණ්ඩප ගීතයේ පද පෙළ
Song Title : Mandira Mandapa (මන්දිර මණ්ඩප)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : උදය මානවසිංහ
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


මන්දිර මණ්ඩප සිහසුන් අරණා
රාජ ඉසුරු බර නිරිඳුන් හමුවේ
පේළි ගැසී හිඳ ගැති හඬ නඟනා
ප්‍රශස්ති ගීයට නොබිඳින් මා තත

සිරි යහනෙන් බැස යළි වැදෙනා තුරු
දින චරියාවේ එකත් පස්ව හිඳ
සිත් සනහන්නට
තැවුල් නසන්නට
නොබිඳින් මා තත
මා සිත පෑරෙයි

රස මසවුල් මැද හිත් හිස් වී යයි
නෙත් අඩවන් වෙයි
නුරා බැලුම් දෙයි
දොඩමලු උවනන් දොඩනා ගීයට
තනුව තනන්නට
නොබිඳින් මා තත

දිළිඳු බවේ අසරණකම උරුමව
ලොව දුක් විඳිනා දනන් අභිමුවේ
සිත් සැනහී යන
ලෙන්ගතු රාවෙන්
වයණු මැනවි තත් සත්සර නංවා
වයණු මැනවි තත් සත්සර නංවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mandira Mandapa Song Lyrics - මන්දිර මණ්ඩප ගීතයේ පද පෙළ Mandira Mandapa Song Lyrics - මන්දිර මණ්ඩප ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2022 Rating: 5

0 comments:

Post a Comment