Mal Malathi Latha Song Lyrics - මල් මාලතී ලතා ගීතයේ පද පෙළ

Mal Malathi Latha Song Lyrics - මල් මාලතී ලතා ගීතයේ පද පෙළ
Song Title : Mal Malathi Latha (මල් මාලතී ලතා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : සරත් ද අල්විස්
ගී පද : කුමාරදාස සපුතන්ත්‍රී


මල් මාලතී ලතා
අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ
නොපිපී බලා හිඳී //
මල් මාලතී ලතා

හැඬූ සිතේ විඩා නිවා
ඇදේ මාරුතේ
හැපී බිඳෙන ප්‍රේමයේ
සෝ සුසුම් ලෙසේ //
කිසිදාක නොමැත ආදරේට
ලැබී ආදරේ

මල් මාලතී ලතා
අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ
නොපිපී බලා හිඳී
මල් මාලතී ලතා

ගැලූ සිනා ගඟේ ගිලී
ගියෙද ආදරේ
හඬා වැටේ ප්‍රාර්ථනා
පෙම් උයන් තෙරේ //
කවදාක සුවඳ යළි දැනේද
නැවුම් ස්නේහයේ

මල් මාලතී ලතා
අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ
නොපිපී බලා හිඳී
මල් මාලතී ලතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Malathi Latha Song Lyrics - මල් මාලතී ලතා ගීතයේ පද පෙළ Mal Malathi Latha Song Lyrics - මල් මාලතී ලතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2022 Rating: 5

0 comments:

Post a Comment