Maa Denethin Galana Song Lyrics - මා දෙනෙතින් ගලනා ගීතයේ පද පෙළ

Maa Denethin Galana Song Lyrics - මා දෙනෙතින් ගලනා ගීතයේ පද පෙළ
Song Title : Maa Denethin Galana (මා දෙනෙතින් ගලනා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : කුලරත්න ආරියවංශ
තනුව : රෝහණ වීරසිංහ


මා දෙනෙතින් ගලනා
කඳුළැල් ගඟුලේ
ඔබගේ හසරැල් කුසුමන් පීදේවා
(හා හා හා හා ...)

රෑ තුන් යාමේ
මතකයෙ වැතිරී
මා හෙළනා සුසුමන් ඔබගේ
නැවුම් ලොවේ නැඟෙනා
සැනසුම් සුසුමන් වේවා
(හා හා හා හා ...)

මා දෙනෙතින් ගලනා
කඳුළැල් ගඟුලේ
ඔබගේ හසරැල් කුසුමන් පීදේවා
(හා හා හා හා ...)

මේ තනි යහනේ
මිය යන සිහිනේ
මා දවනා හැඟුමන් ඔබගේ
පැතුම් තලාවේ පිපෙනා
සිහිලැල් සඳරැල් වේවා
(හා හා හා හා ...)

මා දෙනෙතින් ගලනා
කඳුළැල් ගඟුලේ
ඔබගේ හසරැල් කුසුමන් පීදේවා
(හා හා හා හා ...)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maa Denethin Galana Song Lyrics - මා දෙනෙතින් ගලනා ගීතයේ පද පෙළ Maa Denethin Galana Song Lyrics - මා දෙනෙතින් ගලනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 22, 2022 Rating: 5

0 comments:

Post a Comment