Ladu Owiti Song Lyrics - ලඳු ඕවිටි ගීතයේ පද පෙළ

Ladu Owiti Song Lyrics - ලඳු ඕවිටි ගීතයේ පද පෙළ
Song Title : Ladu Owiti (ලඳු ඕවිටි)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : රෝහණ වීරසිංහ


ලඳු ඕවිටි කලල් මතින් සුසුම් ගඟක් ගලනවා
බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර දිවෙනවා
අලුත් පාර හැදෙනවා

හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා
පොළව දැවී අපේ පයට සිහිල සදනවා
දූවිලි මද පවන් හමා ගිමන් නිවනවා
දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා

ලඳු ඕවිටි කලල් මතින් සුසුම් ගඟක් ගලනවා
බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර දිවෙනවා
අලුත් පාර හැදෙනවා

අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා
රන් දහදිය තාර වෙලා උඩින් ගලනවා
මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙණවා
පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ladu Owiti Song Lyrics - ලඳු ඕවිටි ගීතයේ පද පෙළ Ladu Owiti Song Lyrics - ලඳු ඕවිටි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 22, 2022 Rating: 5

0 comments:

Post a Comment