Ma Adaraneeya Mage Song Lyrics - මා ආදරණීය මගේ ගීතයේ පද පෙළ

Ma Adaraneeya Mage Song Lyrics - මා ආදරණීය මගේ ගීතයේ පද පෙළ
Song Title : Ma Adaraneeya Mage (මා ආදරණීය මගේ)
ගායනය : ධනපාල උඩවත්ත


මා ආදරණීය මගේ අම්මා වෙතටයි
මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි
අපි ඉපදිලා ඉන්නෙ අපෙ රට රැකගන්නයි
මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි
අම්මෙ මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි

අව්ව වැස්ස රෑ දාවල් එකයිනේ අපට
එකම හිතින් ඇවිත් ඉන්නෙ අපි සේවයට
කිසිම භයක් දැනෙන්නෙ නෑ කොහොමත් සිතට
සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට

වීර පුතුන් බිහිකර රට රකින්න පුදනා
අම්මවරුන් පා යුග වැඳ පුදන්න ඕනා
අම්මේ ඔබ කල සේවය සදහට අගනා
ඉතිහාසයෙ ලියවෙයි මතු දිනයක සොඳිනා

අම්මේ මම සිතුවේ මේ ලිපිය ලියන්න
මේ සටනින් මා මියගිය දවසක ඔන්න
මා මෙහි නැති අඩුපාඩුව මකා දමන්න
බාල පුතත් හමුදාවට භාර කරන්න

මා ආදරණීය මගේ අම්මා වෙතටයි
මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි
අපි ඉපදිලා ඉන්නෙ අපෙ රට රැකගන්නයි
මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි
අම්මෙ මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Adaraneeya Mage Song Lyrics - මා ආදරණීය මගේ ගීතයේ පද පෙළ Ma Adaraneeya Mage Song Lyrics - මා ආදරණීය මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 24, 2022 Rating: 5

0 comments:

Post a Comment