දෙවන ලෝක යුද්ධ සමයේදී නාසීන් නිර්භීතව දඩයම් කළ ප්‍රංශ යෞවනිය (Simone Segouin)

දෙවන ලෝක යුද්ධ සමයේදී නාසීන් නිර්භීතව දඩයම් කළ ප්‍රංශ යෞවනිය (Simone Segouin) - Your Choice Way

දෙවන ලෝක සංග්‍රාමය මුළුමනින්ම වෘත්තීය හමුදාවන් පමණක් විසින් සටන් කරන ලද බවත්, සිවිල් වැසියන් තම නිවෙස්වලට වී සැඟැවී සිටි බවත්, තවත් සමහරක් වෙඩි හුවමාරුවන්ට හසුව මියගිය බවත්, විශාල සිවිල් වැසියන් පිරිසක් වධකාගාර වලට  ගෙන ගිය බවත් බොහෝ දෙනා පිළිගන්නා පොදු වැරදි මතයකි. සිමෝන් සෙගුවින්ගේ කතාව තුළින් සාමාන්‍ය සිවිල් වැසියන්ද දෙවන ලෝක සංග්‍රාමයට දායක වූ අයුරු සහ නාසි ආක්‍රමණයට විරුද්ධ වූ අයුරු මනා ලෙස පෙන්වා දෙයි.

1925 ඔක්තෝබර් 3 වන දින ප්‍රංශයේ තිවාර්ස් හි උපත ලැබූ සිමෝන් සෙගුයින් හැදී වැඩුණේ පැරීසියේ සිට සැතපුම් 50 ක් පමණ ඈතින් පිහිටි චාටර්ස් නගරයට ආසන්නයේ ය.  ඇය කුඩා කළ බොහෝ විට ගත කළේ පළමුවන ලෝක සංග්‍රාමයේ සෙබළකු වූ සිය පියා සමගය. ක්‍රමයෙන් යුරෝපයේ ෆැසිස්ට්වාදයේ නැගීම හා අස්ථාවර ආර්ථිකයක්  සමඟ සෙගුවින්ට ඇගේ සහෝදරයන් තිදෙනා විසින් තමන්ව ආරක්ෂා කර ගන්නා ආකාරයද කුඩා කල සිට ඉගැන්වීය.

ඇඩොල්ෆ් හිට්ලර් 1933 දී බලයට පත්වන විට සෙගුයින්ට යාන්තම් වයස අවුරුදු අටක් වූවා පමණි. ඇය තම සෙසු මිතුරු මිතුරියන් මෙන් දිගටම පාසැල් ගිය අතර කෙළිදෙලෙන් තම කුඩා කාලය ගත කළහ.  කෙසේවෙතත්, 1940 මැයි මාසයේදී නාසි ජර්මනිය ප්‍රංශය ආක්‍රමණය කළ විට ඇයගේ පවුල ඔවුන්ගේ ගම්බද ගොවිපල වෙත ආපසු යන ලදී. එවිට සෙගුවින්ට වයස අවුරුදු 14 ක් වූ අතර ඒත් සමාගම ඇගේ පාසල් දිවියටද තිත තැබීමටද ඇයට සිදු විය.

1943 දී සෙගුයින්ට හිට්ලර්ට එරෙහි වීමට ගොඩ නැගූ ප්‍රංශ ජාතිකයින්ගේ කණ්ඩායමකට සම්බන්ධ වීම සඳහා අවස්ථාව ලැබුණි. ඒ එයට නිර්භීත තරුණයින් බඳවා ගන්නා හිටපු ඉංජිනේරුවෙකු වන ලුතිනන් රෝලන්ඩ් බෝර්සියර් හමුවීමත් සමගය. මදක් ඇයව අධ්‍යනය කිරීමෙන් පසුව ඔහු ඇයට ඔවුන් සිදු කරන දේවල් පිළිබඳව විස්තරයක් කරන ලදී. අනතුරුව ඔහු ඇයගෙන් ඔබ මෙයට සම්බන්ධවීමට බිය දැයි ඇසීය. ඊට ඇගේ පිළිතුර වූයේ ජර්මන් සොල්දාදුවන් ඝාතනය කිරීම ඇයට සතුටක් බවයි.

මේ අනුව සෙගුයින් බෝර්සියර්ගේ යටතේ යුධ පුහුණුව ලැබීය.  ජර්මානු ෂ්මයිසර් එම්පී -40 මැෂින් තුවක්කුව ඇතුළු ආයුධ ගණනාවක් ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි ඔහු ඇයට ඉගැන්වීය. ඇයව කණ්ඩායමට පිළිගැනීමට පෙර ඇයට “නිකොල් මිනෙට්” ලෙස රහස් අනන්‍යතාවයක්ද ලබා දුන්නේය. ඒ 1944 වර්ෂය විය. එවිට ඇගේ වයස අවුරුදු 18කි.

නිකොල් මිනෙට් ලෙස නව අනන්‍යතාවක් ලැබූ සෙගුවින්ගේ ඊළග කාර්යය වූයේ ඇගේ පවුල අල්ලා ගැනීමේ හෝ අනතුරේ යාමේ අවදානම නැති කිරීමයි. ඒ සදහා ඔවුන් නව ලිපි ලේඛන සෑදූ අතර ඒ මගින් පෙන්වූයේ සේගුයින් ඩන්කර්ක්හි බෝම්බ හෙලන අවස්ථාවේ එහි සිට ඇති බවත් ඉන් අනතුරුව ඇය අතුරුදහන්ව ඇති බවත් සදහන් විය. ඒ ආකාරයට සේගුයින් නම් ඇයගේ පැරණි අනන්‍යතාව සඟවා දැමූ අතර එතැන් සිට ඇය ක්‍රියාත්මක වුයේ නිකොල් මිනෙට් ලෙසය. ඒ ආකාරයට සෙගුයින් නාසීන්ට විරුද්ධව සටනට අවතීර්ණ විය.

ඇගේ පළමු කර්තව්‍යය වූයේ ජර්මානු පරිපාලකගේ බයිසිකලයක් සොරකම් කිරීමයි. ඇය එය සාර්ථකව කර අතර එහි නැවත තීන්ත ආලේප කළාය.  නාසි කදවුරු බැදගෙන සිටින ප්‍රංශය වටා ගමන් කිරීමට මිනිසුන්ට වඩාත් පහසු ක්‍රමය වූයේ පාපැදි ය. නාසීන් සියළුම මෝටර් රථ ඔවුන් පවරා ගත් අතර, පොදු ප්‍රවාහනය බොහෝ දුරට වසා දමා තිබුණි.  බයිසිකලයක් සමඟ සෙගුයින්ට නිදහසේ ගමන් කළ හැකි විය.

මේ නව වාහනය ඇයට නගරය පුරා පිහිටුවා ඇති සැඟවුණු ස්ථාන අතර කාර්යක්ෂමව පණිවිඩ යැවීමට ද ඉඩ ලබා දුන්නේය.  සෙගුවින්ගේම ගොවිපල මෙහෙයුම් සාකච්ඡා කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. එම කාලයේ එම ප්‍රදේශයේ තිබූ කණ්ඩායම් හතරකට ප්‍රධාන පණිවුඩ රැගෙන යන කාර්යය සිදු කළේ ඇයයි.

නාසීන් ඝාතනය කිරීමට සෙගුවින්ගේ තිබූ කැමැත්ත ඉන් ටික කලකට පසු ඉටු විය.  1944 ජූලි 14 වන දින පාරක් දෙපස වළක සැඟවී සිටි ඇය සහ ඇගේ සගයන් දෙදෙනා නාසි සොල්දාදුවන් දෙදෙනෙකු බයිසිකල්වලින් එනවා දුටුවෝය.  සෙගුයින් සහ ඇගේ හවුල්කරුවන් වෙඩි තැබීමෙන් ආක්‍රමණිකයන් මිය ගියේය.  පසුව ඇය නාසීන්ගේ ලියකියවිලි සහ ආයුධ සියල්ල ලබා ගන්නා ලදී. ඉන් නොනැවතුණු ඇය සහ ඇයගේ සගයන් ඉන් අනතුරුව ජර්මන් සොල්දාදුවන් විසිපස් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී.

කෙසේ හෝ ඊළග මාසයේ ඇයගේ ජනප්‍රියත්වය තවත් ඉහළ යන දෙයක් සිදු විය. එනම් 1944 අගෝස්තු 23 වන දින චාටර්ස් නගරය එහි නිදහස් විමුක්තිය සමරන විට සෙගුයින් සැන්ඩ්විච් අනුභව කරමින් මැෂින් තුවක්කුවක් රැගෙන යන අයුරු ලයිෆ් සඟරාවේ ඡායාරූප ශිල්පී රොබට් කැපා දුටුවාය. ඔහු ලයිෆ් සඟරාව සඳහා ඇගේ රූපය ග්‍රහණය කර මුද්‍රණය කළේය.

චාටර්ස් නගරය නිදහස් වී දින දෙකකට පසු පැරිසියේ විමුක්තිය සඳහා උපකාර කිරීම වෙනුවෙන් ඇයට ප්‍රංශ ගෞරවයක් වන ක්‍රොයික්ස් ඩි ගුවර් සම්මානය ප්‍රදානය කරන ලදී.  ප්‍රංශ ආරක්ෂක ජෙනරාල් සහ ප්‍රංශයේ තාවකාලික ජනාධිපති චාල්ස් ඩි ගෝල්ගේ ආරක්ෂක කන්ඩායමේ කොටසක් ලෙස තමා පෙනී සිටින බව ඇය එහිදී පැවසුවාය.

යුද්ධයෙන් අනතුරුව ඇයගේ ජීවිතය විශාල ලෙස වෙනස් විය. ඉන් පසු ඇය තම ගමේ ළමා හෙදියක් බවට පත් වූ අතර යුද්ධය ගැන ඇයට සියල්ල ඉගැන්වූ තැනැත්තා වූ බෝර්සියර් සමඟ විවාහ විය.

තම රට සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ ප්‍රයත්නයට කාන්තා සටන් කාරියක් ලෙස ඇය දැක්වූ දායකත්වය අගය කළ යුතුය. කෙසේවෙතත්, මෙම පරාර්තකාමිත්වය සහ සාමාන්‍ය පුරවැසියන්ගෙන් එක් අයෙකු ලෙස ඇය පෙන්වූ ධෛර්යය ඇයව ලොව පුරා වීරත්වයේ සංකේතයක් බවට පත් කර තිබේ. එමෙන්ම ඇයගේ නම සදා අමරණීය කරමින් ඇයගේ ගමෙහි එක් විදියක් ඇයගේ නමින් නම් කර ඇත.
දෙවන ලෝක යුද්ධ සමයේදී නාසීන් නිර්භීතව දඩයම් කළ ප්‍රංශ යෞවනිය (Simone Segouin) - Your Choice Way
චාටර්ස් නිදහස් කරගැනීමෙන් අනතුරුව සිමෝන් සෙගුයින් ඡායාරූප ශිල්පීන් වෙනුවෙන් පෙනී සිටිමින්

දෙවන ලෝක යුද්ධ සමයේදී නාසීන් නිර්භීතව දඩයම් කළ ප්‍රංශ යෞවනිය (Simone Segouin) - Your Choice Way
සෙගුයින් වනාන්තරයේ සැඟවී සිටි නාසීන් 25 දෙනෙකු අල්ලා ගැනීමෙන් ටික වෙලාවකට පසු

දෙවන ලෝක යුද්ධ සමයේදී නාසීන් නිර්භීතව දඩයම් කළ ප්‍රංශ යෞවනිය (Simone Segouin) - Your Choice Way
1944 අගෝස්තු 25 වන දින පැරිසියේ විමුක්ති සටන අතරතුර සෙගුයින් සහ ඇගේ සගයින්

දෙවන ලෝක යුද්ධ සමයේදී නාසීන් නිර්භීතව දඩයම් කළ ප්‍රංශ යෞවනිය (Simone Segouin) - Your Choice Way
2016 දී සෙගුයින්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දෙවන ලෝක යුද්ධ සමයේදී නාසීන් නිර්භීතව දඩයම් කළ ප්‍රංශ යෞවනිය (Simone Segouin) දෙවන ලෝක යුද්ධ සමයේදී නාසීන් නිර්භීතව දඩයම් කළ ප්‍රංශ යෞවනිය (Simone Segouin) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 24, 2022 Rating: 5

0 comments:

Post a Comment