Gindara Pitawennata Song Lyrics - ගින්දර පිටවෙන්නට ගීතයේ පද පෙළ

Gindara Pitawennata Song Lyrics - ගින්දර පිටවෙන්නට ගීතයේ පද පෙළ
Song Title : Gindara Pitawennata (ගින්දර පිටවෙන්නට)
ගායනය : ධනපාල උඩවත්ත


ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙ
යටිපළු දෙකම දැවෙනවා
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනෙ
දහදිය මුගුරු ගලනවා
කොලඹින් අරන් ආව මාළු හින්ද හිතට බයනෙ
මොරදී උගුර රිදෙනවා
බර අඩු නොවුන නිසා අද කරපිට ඇඹරි ඇඹරි
චිරි චිරි ගාල හඬනවා

පොළියත් එක්ක දෙන්න මාළු ගන්න ගෙනා සල්ලි
හවසට දෙන්නම ඕනේ
අනුකම්පාවක් නැති සිල්ලර කඩෙ මුදලාලිත්
බැනගෙන ගෙදරට එන්නේ
ඉස්පිරිතාලෙ ඉන්න පොඩි දරුවට දෙන්න කියපු
බෙහෙතත් කොහොමද ගන්නේ
අල්ලපු වත්තෙ තියෙන බණ ගෙදරට නොගිහින් බෑ
කොහොමද නිකම්ම යන්නේ

ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙ
යටිපළු දෙකම දැවෙනවා
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනෙ
දහදිය මුගුරු ගලනවා

වෙනදට මා එනතුරු පාර බලන් ඉන්න ඈයො
මොකදැයි මාළු නොකන්නේ
පා පැදි වල පටවල මට ඉස්සර වෙලා ආපු
අයගෙන් මාළු අරන්නේ
ඉඳහිට කතා කරල ගන්න හදන කෙනෙක් වුනත්
ණයටනෙ අද ඉල්ලන්නේ
තව ටිකකින් පල නැති මාළු කූරි ටික දෙනෙක්නෙ
විසඳුම දෙන්නට ඉන්නේ

ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙ
යටිපළු දෙකම දැවෙනවා
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනෙ
දහදිය මුගුරු ගලනවා
කොලඹින් අරන් ආව මාළු හින්ද හිතට බයනෙ
මොරදී උගුර රිදෙනවා
බර අඩු නොවුන නිසා අද කරපිට ඇඹරි ඇඹරි
චිරි චිරි ගාල හඬනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gindara Pitawennata Song Lyrics - ගින්දර පිටවෙන්නට ගීතයේ පද පෙළ Gindara Pitawennata Song Lyrics - ගින්දර පිටවෙන්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 24, 2022 Rating: 5

0 comments:

Post a Comment