Lowa Sathapena Yame Song Lyrics - ලොව සැතපෙන යාමේ ගීතයේ පද පෙළ

Lowa Sathapena Yame Song Lyrics - ලොව සැතපෙන යාමේ ගීතයේ පද පෙළ
Song Title : Lowa Sathapena Yame (ලොව සැතපෙන යාමේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කරුණාරත්න අබේසේකර
තනුව : එම්.කේ. රොක්සාමි
මිල්ටන් මල්ලවාරච්චිගේ දෙවන EP තැටිය ද 1969 වසරේ නිකුත් විය. මේ එහි අඩංගු වූ ගී හතරෙන් එකකි. (තැටි අංක Philips ​JVPC 1057)


ලොව සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස අවදිවෙවී
මගෙ දෙසවනට කියයි
පෙර නොඇසුව මිහිරි කවී //
ලොව සැතපෙන යාමේ

සිතුවම් ඇඳ සිහින පොතේ
මී පුරවා පැතුම් විතේ //
සළු පොරවා සිසිල ගතේ
ඔබ පියඹා යයි
ඔබ පියඹා යයි

ලොව සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස අවදිවෙවී
මගෙ දෙසවනට කියයි
පෙර නොඇසුව මිහිරි කවී
ලොව සැතපෙන යාමේ

සිහින සුවැති සිතුවිල්ලේ
මහද හොවා නැළවිල්ලේ //
අහස සදා සැනසිල්ලේ
ඔබ පියඹා යයි
ඔබ පියඹා යයි

ලොව සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස අවදිවෙවී
මගෙ දෙසවනට කියයි
පෙර නොඇසුව මිහිරි කවී //
ලොව සැතපෙන යාමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lowa Sathapena Yame Song Lyrics - ලොව සැතපෙන යාමේ ගීතයේ පද පෙළ Lowa Sathapena Yame Song Lyrics - ලොව සැතපෙන යාමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 21, 2022 Rating: 5

0 comments:

Post a Comment