Kaju Nelanniye Song Lyrics - කජු නෙළන්නියේ ගීතයේ පද පෙළ

Kaju Nelanniye Song Lyrics - කජු නෙළන්නියේ ගීතයේ පද පෙළ
Song Title : Kaju Nelanniye (කජු නෙළන්නියේ)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : වසන්ත දුක්ගන්නාරාළ
තනුව : සමන්ත පෙරේරා


කජු නෙළන්නියේ කජු වල රස අනුන්ට විකුණන
කිරි කජු වගේද ජීවිතයම කජුගම දියවෙන
ගිජු ලිහිණයන්ට එන සීතල වාහනයෙන් බැස
කජු මද මිස නුඹ දෙන්න එපා මුදු හිත මිල කර

මහ පාර පුරා ගිණියම් වුණ සූරිය ගිනි කඳ
නුඹෙ මූණ පුරා ගෑ වත්සුණු දියකර හැරියද
ඔය දෝත පුරා පීදී එන කරගැට වෙනුවට
මල් පොහොට්ටුවක් වත් පිපියන් දූවිලි හුළඟට

කජු නෙළන්නියේ කජු වල රස අනුන්ට විකුණන
කිරි කජු වගේද ජීවිතයම කජුගම දියවෙන
ගිජු ලිහිණයන්ට එන සීතල වාහනයෙන් බැස
කජු මද මිස නුඹ දෙන්න එපා මුදු හිත මිල කර

රෑ හීන පුරා ඵල නොදරණ දොඩමලු කජු රුක
බෝ ගීත ගයා නැත නුඹ ගැන කෝකිල පරපුර
පානේ කර වත් නැතුවට කජු ලිය වන්නම් වල
වී රත්නවල්ලි කෙදිනක හෝ වඩින් තෙළඹුවට

කජු නෙළන්නියේ කජු වල රස අනුන්ට විකුණන
කිරි කජු වගේද ජීවිතයම කජුගම දියවෙන
ගිජු ලිහිණයන්ට එන සීතල වාහනයෙන් බැස
කජු මද මිස නුඹ දෙන්න එපා මුදු හිත මිල කර

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaju Nelanniye Song Lyrics - කජු නෙළන්නියේ ගීතයේ පද පෙළ Kaju Nelanniye Song Lyrics - කජු නෙළන්නියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2022 Rating: 5

0 comments:

Post a Comment