Hari Hambakarapu Dewa Song Lyrics - හරි හම්බකරපු දේවල් ගීතයේ පද පෙළ

Hari Hambakarapu Dewa Song Lyrics - හරි හම්බකරපු දේවල් ගීතයේ පද පෙළ
Song Title : Hari Hambakarapu Dewal (හරි හම්බකරපු දේවල්)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : රඹකන සිද්ධාර්ථ හිමි
තනුව : රෝහණ වීරසිංහ


හරි හම්බකරපු දේවල් දුක් මහන්සියෙන්
දනට පිනට ගෙදර දොරට දුන්නේ මං
හිතේ මනාපෙන් //

දෑත දෙපය ඇති දැඩි කළ මතු බුදුවන මව්පියන්ට
එකම මවට අම්මෙ කියූ එක පවුලේ සොහොයුරන්ට

හරි හම්බකරපු දේවල් දුක් මහන්සියෙන්
ගෙදර දොරට දුන්නේ මං
හිතේ මනාපෙන්

ජීවිතයම දුකයි කියා මහණ වෙච්ච යතිවරුන්ට
නැති බැරිකම උතුරා ගිය මඟ හමුවන මිනිස්සුන්ට

හරි හම්බකරපු දේවල් දුක් මහන්සියෙන්
දනට පිනට දුන්නේ මං
හිතේ මනාපෙන්

හරි හම්බකරපු දේවල් දුක් මහන්සියෙන්
දනට පිනට ගෙදර දොරට දුන්නේ මං
හිතේ මනාපෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hari Hambakarapu Dewa Song Lyrics - හරි හම්බකරපු දේවල් ගීතයේ පද පෙළ Hari Hambakarapu Dewa Song Lyrics - හරි හම්බකරපු දේවල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 24, 2022 Rating: 5

0 comments:

Post a Comment