Ganga Yamuna Iruru Samere Song Lyrics - ගංගා යමුනා ඉවුරු සමීරේ ගීතයේ පද පෙළ

Ganga Yamuna Iruru Samere Song Lyrics - ගංගා යමුනා ඉවුරු සමීරේ ගීතයේ පද පෙළ
Song Title : Ganga Yamuna Iruru Samere (ගංගා යමුනා ඉවුරු සමීරේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කුමාර හෙට්ටිආරච්චි
තනුව : අ'නස්ට් සොයිසා


ගංගා යමුනා ඉවුරු සමීරේ
ඔබ මා හමුවූ සොඳුරු සැඳෑවේ
සමුගෙන යන්නට අවසර දෙනු මැන
මට පෙම් බැඳි සිටු කුමාරියේ //

සඳලුතලේ සිට නුඹ හිනැහෙන සඳ
එදවස හිනැහුණෙ මා
නුඹ වැළපෙන සඳ ඵල නැහැ වැළපී
දෙදෙන දෙ අත ගියදා

ගංගා යමුනා ඉවුරු සමීරේ
ඔබ මා හමුවූ සොඳුරු සැඳෑවේ
සමුගෙන යන්නට අවසර දෙනු මැන
මට පෙම් බැඳි සිටු කුමාරියේ //

බරණැස් පුරවර සිනිඳු කසී සළු
නුඹ බඳ වට දවටා
කැඳවා යන්නට වරම් නොමැත මට
අසරණ කුමරෙකි මා //

ගංගා යමුනා ඉවුරු සමීරේ
ඔබ මා හමුවූ සොඳුරු සැඳෑවේ
සමුගෙන යන්නට අවසර දෙනු මැන
මට පෙම් බැඳි සිටු කුමාරියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ganga Yamuna Iruru Samere Song Lyrics - ගංගා යමුනා ඉවුරු සමීරේ ගීතයේ පද පෙළ Ganga Yamuna Iruru Samere Song Lyrics - ගංගා යමුනා ඉවුරු සමීරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2022 Rating: 5

0 comments:

Post a Comment