ව්ලැඩ් අධිරාජ්‍යයා : ඩ්‍රැකියුලාට පාදක වූ කුරිරු පාලකයාගේ කතාව (Dracula)

ව්ලැඩ් අධිරාජ්‍යයා : ඩ්‍රැකියුලාට පාදක වූ කුරිරු පාලකයාගේ කතාව (Dracula) - Your Choice Way

1897 දී ප්‍රකාශයට පත් කරන ලද බ්‍රැම් ස්ටෝකර්ගේ නවකතාවක් වන “ඩ්‍රැකියුලා” වැම්පයර්වරුන් පිළිබඳ සාහිත්‍ය හා චිත්‍රපට වර්ග ආරම්භ කිරීමට මුල පිරීය. තම අද්භූත බලයන් භාවිතා කරමින් මිනිසුන් දඩයම් කරන සහ ඔවුන්ගේ රුධිරය පානය කරන දුෂ්ඨ වැම්පයර් චරිත මෙහි ඇතුළත් විය. ඔහු නිර්මාණය කරන ලද මේ සදා අමරණීය ප්‍රති-වීර චරිතය වන කවුන්ට් ඩ්‍රැකියුලා නිර්මාණය කිරීම සඳහා ස්ටෝකර් ජනප්‍රිය මධ්‍යම යුරෝපීය ජනප්‍රවාදයන් භාවිතා කළ බව නොරහසකි. එහෙත් ඊට අමතරව ඔහු මෙම චරිතය නිර්ණයේදී සැබෑ මිනිසකුගේ කතාවක්ද ඒ සදහා පාදක කර ගෙන ඇතැයි පැවසුවහොත් ඔබ පුදුම වෙනවා නිසැකය. අද අප මෙම ඩ්‍රැකියුලා චරිතය නිර්මාණය කිරීමට පාදක වූ ඒ නියම මිනිසා, එසේත් නැතිනම් ඒ අධිරාජ්‍යයාගේ ජීවිත කතාව පිළිබද විමසා බලමු.

ඔහු හැඳින්වූයේ 15 වන සියවසේ ජීවත් වූ රුමේනියානු කුමරකු වන ව්ලැඩ් ටෙපස් නොහොත් ව්ලැඩ් අධිරාජ්‍යය(III ව්ලැඩ්) ලෙසය. ට්‍රාන්සිල්වේනියාවේ වංශාධිපතියකු හා ට්‍රාන්සිල්වේනියාවේ දකුණට වන්නට පිහිටි වලාචියා හි පාලකයා වූ II ව්ලැඩ් ඩ්‍රැකුල්ගේ දෙවන පුත්‍රයා ලෙස උපත ලැබූ ඔහු ඩ්‍රැකියුලා යන නම භාවිතා කරන ලදී. එහි අර්ථය වූයේ “ඩ්‍රැකුල්ගේ පුත්‍රයා” යන්නයි (රුමේනියානු භාෂාවෙන් ඩ්‍රැකුල් යන්නෙහි තේරුම “මකරා” යන්නයි).

මෙම කාලයේ ක්‍රිස්තියානි යුරෝපය සහ ඔටෝමාන් අධිරාජ්‍යයේ මුස්ලිම්වරුන් අතර නිතර ගැටුම් (කුරුස යුද්ධය) ඇති විය. යුරෝපයට සහ ඔටෝමන් අධිරාජ්‍යයට මැදිව පිහිටා ඇති ට්‍රාන්සිල්වේනියා සහ වල්ලචියාට නිතර මේ නිසා සටන් වලට මුහුණ දීමට සිදු විය. 1442 දී II වන ව්ලැඩ්ට, ඔටෝමන් අධිරාජ්‍යයේ II සුල්තාන් මුරාඩ් විසින් යුද්ධ නිමා කිරීම සදහා රාජ්‍ය තාන්ත්‍රික රැස්වීමක් කැඳවූ විට ඔහු තම කුඩා පුතුන් වන III ව්ලැඩ්  සහ රාඩු ද එයට කැඳවාගෙන යන ලදී. නමුත් මේ රැස්වීම ඇත්ත වශයෙන්ම උගුලක් වූ අතර තිදෙනාම අත්අඩංගුවට ගෙන ප්‍රාණ ඇපයට තබා ගන්නා ලදී. පසුව වැඩිමහල් ව්ලැඩ් නිදහස් කරනු ලැබුවේ ඔහු තම පුතුන් දෙදෙනා අතහැර යන කොන්දේසිය යටතේ ය. එමගින් ව්ලැඩ්ව තමන්ට අවශ්‍ය ලෙස පාලනය කිරීමට ඔටෝමනාරුන්ට හැකිවිය.

එහෙත් ඔටෝමාන්වරුන් යටතේ ව්ලැඩ් සහ ඔහුගේ බාල සොහොයුරා විද්‍යාව, දර්ශනය සහ කලාව පිළිබඳ අධ්‍යාපනය ලබන ලදී.  ව්ලැඩ් ද දක්ෂ අශ්වාරෝහකයෙකු හා රණශූරයෙකු බවට පත්විය. කෙසේ වෙතත්, සමහර වාර්තාවලට අනුව, ඔහු එම කාලය තුළ සිරගත කොට වධහිංසා පමුණුවා ඇති බව සදහන් වේ. එමෙන්ම එම කාලය තුළ ඔහු ඔටෝමාන්වරුන් තම සතුරන් කණුවක ඇණ ගසා වධ දී මරා දමන ආකාරයද සියැසින් දැක ඇති බව කියැවේ.

කෙසේවෙතත්, ව්ලැඩ්ගේ පවුලේ අනෙක් සාමාජිකයන් ඊටත් වඩා භයානක ඉරණම් වලට මුහුණ දුන් බව කියවේ. ඔහුගේ පියා ප්‍රාදේශීය රණශූරයන් විසින් වලාචියාවේ රජකමින් නෙරපා හරින ලද අතර 1447 දී වල්ලචියාවේ බල්ටෙනී අසලදී ඝාතනය කරන ලදී. ඊට අමතරව ව්ලැඩ්ගේ වැඩිමහල් සහෝදරයා වන මිර්සියාට වධ හිංසා පමුණුවා දෑස් අන්ධ කොට පණපිටින් වළලනු ලැබීය.

මෙම සිදුවීම් ව්ලැඩ් III ඩ්‍රැකියුලා (“මකරාගේ පුත්‍රයා”) කුරිරු ඝාතකයෙකු බවට පත් කළේය යන්න සමහරුන් විශ්වාස කරයි. කෙසේවෙතත් ඔහුගේ පවුලේ මරණයෙන් ටික කලකට පසු ව්ලැඩ් ඔටෝමාන් වහල්භාවයෙන් නිදහස් වූ අතර ඒ සමගම ඔහුගේ භයානක පාලනය ආරම්භ විය.

1453 දී කොන්ස්ටන්ටිනෝපල් නගරය ඔටෝමාන්වරුන් සතු වූ අතර මුළු යුරෝපයටම ආක්‍රමණයකින් තර්ජනය කළේය. මේ ආක්‍රමණයෙන් වල්ලචියාව ආරක්ෂා කිරීමට ව්ලැඩ් හමුදාවක් මෙහෙයවීය. තම මව්බිම ආරක්ෂා කිරීම සඳහා ඔහු කළ 1456 සටන ජයග්‍රාහීව අවසන් විය. පුරාවෘත්තයන්ට අනුව, ඔහු තම ප්‍රතිවාදියා වූ II වන ව්ලැඩිස්ලාව් සමග තනි තනිව සටන් කොට අවසානයේ ඔහුගේ හිස ගසා දැමූ බව සදහන් වේ.

අවසානයේ ඔහු වල්ලචියාවේ පාලකයා වුවත් සිවිල් යුද්ධ වල අඩුවක් නොවීය. ඔහුගේ පියා බලයෙන් නෙරපා හරින ලද ප්‍රාදේශීය පාලකයන් යළි බලය උදෙසා සටන් වදින ලදී. මේ සටන් නිමා කිරීමට තීරණය කළ ඔහු සටන්කරුවන් සියල්ලට තම මාළිගයේ කෑම වේලකට ආරාධනා කළ අතර ඔවුන් සියල්ල පැමිණෙන ලදී. එහෙත් අවසානයේ කිසිවෙක් නොසිතූ ලෙස ඔහු ඒ සියලු දෙනාට පිහිවලින් අනිනා ලෙස අණ කළ අතර ඉන් පසු ඒ සියලු දෙනා මාලිගාව ඉදිරියේ පණ පිටින් උල තබන ලදී. ඊට අමතරව ඔහු මෙම සටන්කරුවන් සමඟ මිත්‍ර වූ ක්‍රොන්ස්ටැඩ්හි සැක්සන් වෙළඳුන් දුසිම් ගණනක්ද 1459දී උල තබා ඝාතනය කිරීමට නියෝග කරන ලදී.

වල්ලචියාට ස්ථාවරත්වයක් ගෙන ඒමේ ගෞරවය ව්ලැඩ්ට හිමිව තිබුණද, ඔහුගේ පාලනය අවිවාදයෙන්ම දරුණු එකක් විය. 1459දී වරක් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් පිරිසක් ව්ලැඩ් හමුවීමට පැමිණෙන ලදී. එහිදී ඔහු ඔවුන්ට නියෝග කළේ තමා ඉදිරියේදී ඔවුන් පැළඳගෙන සිටින තොප්පි ඉවත් කරන ලෙසය. එහෙත් ආගමික හේතූන් නිසා ඔවුන් තොප්පි ඉවත් කිරීම ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ගේ ආගමික භක්තිය ගැන ප්‍රශංසා කල ව්ලැඩ්, තොප්පි රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ හිස් කබල් වලට තබා ඇණ ගසන්නට නියෝග කළ අතර එමගින් ඔවුන්ගේ තොප්පි සදහටම හිස මත රැඳෙන බවට පැවසීය.

මේ අතර ව්ලැඩ් ඔටෝමනවරුන්ට එරෙහිව ඔහුගේ යුද්ධ ද දිගටම සිදු කරගෙන යන ලදී. මේ නිසා ඔහුගේ කීර්තිනාමය ද දිනෙන් දින ඉහළ ගිය අතර නමුත් ඔහුගේ කෲර ක්‍රියා නිසා ඒ සියල්ල යටපත් විය. බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඔහු මියගිය සතුරන්ගේ රුධිරය පානය කළ බවයි.

සමස්තයක් ලෙස ගත් කල, ව්ලැඩ් විසින් විවිධ ක්‍රම මගින් මිනිසුන් 80,000 ක් පමණ ඝාතනය කර ඇතැයි ගණන් බලා තිබේ. මේ අතරට ඔහු සිදුකල ප්‍රසිද්ධ ඝාතනයක් වන 20,000ක් දෙනා නගරයෙන් පිටත එකම ස්ථානයක උල හිදුවීමද ඇතුලත්ය. මෙයට හේතුව වන්නේ තමා වෙත ඔටෝමන් ආක්‍රමණයක් එන බව දැන ගත් ඔහු සතුරා බියකිරීම සදහා මෙලෙස මිනිසුන් පණපිටින් උල හිඳුවා නගරයෙන් පිටත ගසා තබන ලදී. මෙම දර්ශනය කෙතරම් පිළිකුල් සහගතද යත්, ඔටෝමාන් ආක්‍රමණික, II වන සුල්තාන් මෙහමඩ්, ව්ලැඩ්ගේ ඝාතනයේ පරිමාව සහ දිරාපත් වූ සිරුරු දහස් ගණනක් දැක බියවී ආපසු හැරී කොන්ස්ටන්ටිනෝපල් වෙත පසු බැස ගියේය.

1476 දී ඔටෝමාන්වරුන් සමඟ තවත් සටනකට යමින් සිටියදී ව්ලැඩ් සහ සොල්දාදුවන්ගේ කුඩා බලඇණියක් සැඟවී සිටි බලකායක් මගින් ප්‍රහාරයකට ලක් විය. එහිදී ව්ලැඩ් මරා දමා හිස ගසා දැමීය. බොහෝ වාර්තාවලට අනුව, ඔහුගේ හිස කොන්ස්ටන්ටිනෝපල්හි දෙවන මෙහමඩ් වෙත භාර දෙනු ලැබුවේ කුසලානයක් ලෙසිනි. ඉන් පසු එය නගරයේ දොරටු වලට ඉහළින් ගසා තබන ලදී.

ඒ අයුරින් මේ කුරිරු පාලකයාගේ ජිවීතය නිමාවූ අතර ලේ පිපාසිත, බිහිසුණු ප්‍රබන්ධ චරිතයක් ඇති කිරීම සඳහා ඓතිහාසික චරිතයක් කවදා හෝ තිබුනේ නම්, ඒ ව්ලැඩ් III ඩ්‍රැකියුලා පමණි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ව්ලැඩ් අධිරාජ්‍යයා : ඩ්‍රැකියුලාට පාදක වූ කුරිරු පාලකයාගේ කතාව (Dracula) ව්ලැඩ් අධිරාජ්‍යයා : ඩ්‍රැකියුලාට පාදක වූ කුරිරු පාලකයාගේ කතාව (Dracula) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2022 Rating: 5

0 comments:

Post a Comment