කිරිපිටි වලින් කෝපි කැරමල් පුඩින් හදමු (Coffee Caramel) 🍮️

කිරිපිටි වලින් කෝපි කැරමල් පුඩින් හදමු (Coffee Caramel) 🍮️ - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 60
  • උණු වතුර මිලි ලීටර් 350
  • සීනි අඬු කෝප්ප 1 (70 g)
  • කෝපි කුඩු මේස හැඳි 2
  • වැනිලා ස්වල්පයක් 
  • සුවඳ කුඬු තේ හැඳි 1
  • ලුණු තේ හැඳි 1/8
  • බිත්තර 4 ක්
කැරමල් එක සඳහා
  • සීනි අඬු කෝප්ප 1
  • වතුර මේස හැඳි 2

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම භාජනයක් ලිප තියලා සීනි ටික දාල  කැරමල් එක හදාගන්න.කැරමල් එක නිවැරදිව හදන්නෙ මෙහෙමයි.සීනි වැහෙන්න විතරයි වතුර දන්න ඕන.ලිපේ ගින්දර වැඩි නොකර මධ්‍යම ප්‍රමාණයට තියාගෙන හැඳි ගාන්න. හැබැයි සීනි ඒකේ මැද විතරයි හැඳි ගන්නේ. භාජනයේ වටේ ගාන්න එපා. එතකොට සීනී කැට කරවෙලා කැරමල් එක තිත්ත රස වෙනවා.හරියටම කැරමල් එකක් ගානට එන්න නම් විනාඩි 15 ක් 20 ක් යනවා.අනික තමයි කැරමල් එක කළු පාට කර ගන්න එපා.ගෝල්ඩන් ශිරප් එකක් වගේ උනාම ඇති.
  2. ♦️ ඒ කැරමල් ටික පුඩින් හදන භාජනේ අඩියට දාගන්න.දාල හොඳට වටේටම ගෑවෙන්න භාජනය කර කවන්න.දැන් ඒක පැත්තකින් තියන්න.
  3. ♦️ දැන් පිටිකිරි ටික සහ සීනි ටික හොඳට උණු වතුර මිලි ලීටර් 350 හොඳට දිය කරන්න.ඒ වගේම කෝපි කුඩු ටිකත් වතුර මේස හැඳි 2 ක් දාල දිය කර ගන්න.මට ක්ෂණික කෝපි තිබුනෙ නැහැ.ඒ නිසා සාමාන්‍ය කෝපි තමයි ගත්තෙ. 👹️ අනිවාර්යයෙන්ම හයිලන්ඩ් හෝ පැලවත්ත කිරි විතරක්ම ගන්න.ආනයනික කිරිපිටි කියල විකුණන මාරාන්තික වහ නම් අර ගන්න එපා. හෝයා ගන්න බැරිනම් නොහදා ඉන්න.ඒ වගේම මේකට නැවුම් කිරි හෝ ටින් කිරි අර ගන්න පුළුවන්.
  4. ♦️ ඊට පස්සෙ භාජනයකට බිත්තර 4 කඩල දාගන්න.බිත්තර ටික හොඳට ගසා ගන්න. හොඳට කහ මදය සුදු මදය කවලම් උනාම මේකට දිය කර ගත් කිරි ටික ටිකෙන් ටික එකතු කරමින් කවලම් කරන්න.පසුව කෝපි දියර එක සහ ලුණු තේ හැඳි 1/8 ක් එකතු කරන්න.අනතුරුව වැනිලා ස්වල්පයක් එකතු කර කවලම් කරන්න.🔴 විස්ක් එකකින් හෝ නැත්නම් බ්ලෙන්ඩ් කරන්න.මමනම් ඔන්න ගෑරුප්පුවකින් තමයි කලේ. 🔴🔴 මෙන්න මේකනම් ඔයාලට ගොඩක් වැදගත් වේවි. සමහරු වටලප්පන් එතකොට පුඩිං කන්න කොච්චර ආස උනත් නොකා ඉන්නෙ බිත්තර පිළී ගඳයි කියල. බිත්තරය කැඩුවම කහ මදය අයිනෙ තියෙන සුදුපාට ඝණ නූල වගේ කොටස ඉවත් කළාම පිළී ගඳක් එන්නෙ නෑ.බිත්තර ලොකු ප්‍රමාණයකින් හදනකොට එකින් එක ඉවත් කරන්න අපහසු නිසා වඩා පහසු බිත්තර ටික ගෑරප්පුවකින් යන්තම් ගසාගෙන ස්ටේන්ලස් ස්ටීල් දැල් පෙරනයකින් පෙරාගන්න එක. අර ඝණ කොටස පෙරනයේ ඉතිරි වෙනව.එතකොට හරි.පිළී ගඳ එන්නේ නැහැ.
  5. ♦️ දැන් මේ මිශ්‍රණය අර කැරමල් භාජනයට පෙරා දමන්න.දැන් මේකට සුවඳ කුඩු එකතු කරන්න. (කුරුඳු කෑල්ලක්,එනසල් ඇට 4 ක් හා සාදික්කා පොඩ්ඩක් එකට කුඩු කරල ගන්න) භාජනය ඇලුමිනියම් පොයිල් එකකින් ආවරණය කරන්න.
  6. ♦️ දැන් ඉතින් විනාඩි 40ක් විතර ස්ටීම් කරගන්න.(ස්ටීම් කරද්දි භාජනය හොඳින් වහන්න ඕන.)නැත්තන් අංශක 180°ට රත්කළ අවන් එකේ විනාඩි 30ක් බේක් කරගන්න.මම නම් කියන්නෙ බේක් කරන්නෙ නැතුව ස්ටීම් කරන්න.ඒක ටිප් එකක්.🔴 නිවැරැදි ලෙස ස්ටීම් කරන්නෙ මෙහෙමයි. උස භාජනයක් ඇතුලට කූලින් රැක් එකක් දාල ඒකෙ මට්ටමට පොඩ්ඩක් අසුවෙන් වතුර දාල වතුර එක නටන විට අපේ පුඩිම තියල වහන්න ඕන.මම නම් පියන කිචන් ටවල් එකකින් ඔතල තමයි වැහුවෙ.ගින්දර වැඩි කර ගන්න එපා මොකද එතකොට බිත්තර තැම්බෙන්න පුළුවන්.
  7. ♦️ හොඳට මතක තියා ගන්න.පුඩිම හදපු ගමන්ම වෙනත් භාජනයකට මාරු කරන්න එපා කොහෙත්ම.හොඳටම නිවෙන අරින්න. පස්සෙ ශීතකරණයේ දමන්න. මම නම් පැය 3 ක් වගෙ තියල තමා ගත්තෙ. එහෙම කරනේ අර ඝන වෙච්ච කැරමල් එක ලස්සනට දිය වෙන්න ඕන නිසා.
  8. ♦️ දැන් වෙන භාජනයට දාල කජු හෝ මුදරස් පලම් ටිකක් උඩින් දාලා ගානිෂ් කර ගන්න.

👹️👹️👹️ ඔයාල අහවි දැන් මම මොකද මේකට සුවඳ කුඩු දැම්මෙ කියලා.ඒක ආයුර්වේදීය කාරණාවක්.බිත්තර වල කොලෙස්ටරෝල් තියනවනේ.ඉතින් සාදික්කා එකතු කරාම ඒක නැති වෙනවා.බලන්න අපේ සාම්ප්‍රදායික කුළුබඩු වල තියන ගුණාත්මක බව.ඒව තියාගෙන අපි වහ කනවා නේද?

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)

👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කිරිපිටි වලින් කෝපි කැරමල් පුඩින් හදමු (Coffee Caramel) 🍮️ කිරිපිටි වලින් කෝපි කැරමල් පුඩින් හදමු (Coffee Caramel) 🍮️ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 05, 2022 Rating: 5

0 comments:

Post a Comment