Bana Kiyana Ratak Song Lyrics - බණ කියන රටක් ගීතයේ පද පෙළ

Bana Kiyana Ratak Song Lyrics - බණ කියන රටක් ගීතයේ පද පෙළ
Song Title : Bana Kiyana Ratak (බණ කියන රටක්)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : රඹුකන සිද්ධාර්ත හිමි


බණ කියන රටක්
බණ අහන රටක්
යුධ බිමක් වුණේ කෙලෙසා
එය නිවන මගක්
මල් පිපුණු ලොවක්
අපි දකිමු ඉතින් කවදා

පිං පුරන හිතක්
පව් නොදුටු අතක්
යුධ බිමට ගියේ කෙලෙසා
එය සොයන බවක්
නොදැණුනිය ඉවක්
යුධ බිමක් වුණේ එලෙසා

බණ කියන රටක්
බණ අහන රටක්
යුධ බිමක් වුණේ කෙලෙසා
එය නිවන මගක්
මල් පිපුණු ලොවක්
අපි දකිමු ඉතින් කවදා

සාමයට මගක්
යුධ බිමට මලක්
ගෙනියන්න කෙනෙක් නැතුවා
එය දකින ඇසක්
සිත් නිවන මගක්
නොතිබුණිය රටම රවටා

බණ කියන රටක්
බණ අහන රටක්
යුධ බිමක් වුණේ කෙලෙසා
එය නිවන මගක්
මල් පිපුණු ලොවක්
අපි දකිමු ඉතින් කවදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bana Kiyana Ratak Song Lyrics - බණ කියන රටක් ගීතයේ පද පෙළ Bana Kiyana Ratak Song Lyrics - බණ කියන රටක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 06, 2022 Rating: 5

0 comments:

Post a Comment