Bakini Gahe Bakini Malen Song Lyrics - බකිණි ගහේ බකිණි මලෙන් ගීතයේ පද පෙළ

Bakini Gahe Bakini Malen Song Lyrics - බකිණි ගහේ බකිණි මලෙන් ගීතයේ පද පෙළ

Bakini Gahe Bakini Malen Song Lyrics - බකිණි ගහේ බකිණි මලෙන් ගීතයේ පද පෙළ
Song Title : Bakini Gahe Bakini Malen (බකිණි ගහේ බකිණි මලෙන්)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සමග පුණ්‍යා කත්‍රිආරච්චි
පද රචනය : ඩෝල්ටන් අල්විස්
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


බකිණි ගහේ බකිණි මලෙන් පාර අසන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවෙස තියෙන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියම එන්නේ
තනියම එන්නේ

කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිලිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ //
දෙමාපියන්නේ වරද නොවන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියම එන්නේ
තනියම එන්නේ

සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ //
හනිකට එන්නේ
හනිකට එන්නේ

බකිණි ගහේ බකිණි මලෙන් පාර අහන්නේ
කුරුන්ද ලඟ දෙල්ගහ යට නිවස තියෙන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියම එන්නේ
තනියම එන්නේ

කවදද එන්නේ
කවදද එන්නේ

හනිකට එන්නේ
හනිකට එන්නේ

කවදද එන්නේ
කවදද එන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bakini Gahe Bakini Malen Song Lyrics - බකිණි ගහේ බකිණි මලෙන් ගීතයේ පද පෙළ Bakini Gahe Bakini Malen Song Lyrics - බකිණි ගහේ බකිණි මලෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 18, 2022 Rating: 5

0 comments:

Post a Comment