Kiripussa Song Lyrics - කිරිපුස්සා ගීතයේ පද පෙළ

Kiripussa Song Lyrics - කිරිපුස්සා ගීතයේ පද පෙළ
Song Title : Kiripussa (කිරිපුස්සා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද රචනය : පරාක්‍රම නිරිඇල්ල
තනුව : සැම්සන් සිල්වා
සෙක්කුව වේදිකා නාට්‍යයෙනි


පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝ
තෑගි කලයි කිරිපුස්සා
සරු බිම හොයලා කම්මැලි වීලා
පැන්නූවයි කිරිපුස්සා
නිදැල්ලෙ වැඩිලා
දැන් හොඳ කඩිසර
කම්මැලි නැති කිරිපුස්සා
ආයෙත් සෙක්කුවෙ
මේ සරු බිම හොයන්න
බඳිනවදෝ කිරිපුස්සා

රාළේ බැඳපන් කිරිපුස්සා
රාළේ බැඳපන් අපෙ පැඟිරා //

දෙමුහුන් කුලයේ උපන්න කදිම
වෘසභ‍යෙ‍කි‍ අ‍පෙ‍ පැඟිරා
රටේම ඉපදී හැදිලා වැඩුණයි
රඟේට මේ අපෙ පැඟිරා
සරු බිම හොයලා මුරන්ඩු වීලා
කම්මැලි වුනු අපෙ පැඟිරා
ආයෙත් සෙක්කුවෙ (සරු බිම හොයන්න)
බඳිනවදෝ අපෙ පැඟිරා

රාළේ බැඳපන් අපෙ පැඟිරා
රාළේ බැඳපන් කිරිපුස්සා //

මෙච්චර කල් උඹ සෙක්කු මඟක සරු
බිම් හෙව්වා නොවැ රාළේ
කරෙන් ඇදල ගොන් මාරු කරල උඹ
හති වැටුනා නොවැ රාළේ
(රාළේ රාළේ)
මහතැන දොඩවන බේගල් අහලා
තව රැඳෙනුද මෙහි රාළේ
පැඟිරා පන්නල පුස්සව බැඳලා
ගාටනවද අපෙ රාළේ

රාළේ බැඳපන් අපෙ පැඟිරා
රාළේ බැඳපන් කිරිපුස්සා ///

අපෙ පැඟිරා..කිරිපුස්සා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiripussa Song Lyrics - කිරිපුස්සා ගීතයේ පද පෙළ Kiripussa Song Lyrics - කිරිපුස්සා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 18, 2022 Rating: 5

0 comments:

Post a Comment