Aware Pipi Song Lyrics - අවාරේ පිපී ගීතයේ පද පෙළ

Aware Pipi Song Lyrics - අවාරේ පිපී ගීතයේ පද පෙළ

Aware Pipi Song Lyrics - අවාරේ පිපී ගීතයේ පද පෙළ
Song Title : Aware Pipi (අවාරේ පිපී)
ගායනය : රූකාන්ත ගුණතිලක සහ දමයන්ති ජයසූරිය
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : කුලරත්න අරියවංශ


අවාරේ පිපී සුවඳ ගැල්වූ හදේ
ඔබ කුසුම් තිලිණයයි පුදසුනේ
අයාලේ ඇදී නයන ඉවුරේ රැඳී
ඔබ හිඳී මා හදේ සංහිදේ

අවාරේ පිපී සුවඳ ගැල්වූ හදේ
ඔබ කුසුම් තිලිණයයි පුදසුනේ
අයාලේ ඇදී නයන ඉවුරේ රැඳී
ඔබ හිඳී මා හදේ සංහිදේ

නිල් තුරු ගොල්ලේ මල් ලියකම්
රැව්පිලි රැව්දේ සකුණ ගැයුම්
සොඳුරුයි මිහිරියි
සොඳුරුයි මිහිරියි ලොවම පහන් වෙයි
අප හමුවූ අසිරියෙන්

අවාරේ පිපී සුවඳ ගැල්වූ හදේ
ඔබ කුසුම් තිලිණයයි පුදසුනේ
අයාලේ ඇදී නයන ඉවුරේ රැඳී
ඔබ හිඳී මා හදේ සංහිදේ

රන් අරුණැල්ලේ වන් කැටයම්
සිත් ගඟුලැල්ලේ තරඟ රැඟුම්
පිබිදෙයි සසැලෙයි
පිබිදෙයි සසැලෙයි ලොවම උදම් වෙයි
අප හමුවූ මහිමයෙන්

අවාරේ පිපී සුවඳ ගැල්වූ හදේ
ඔබ කුසුම් තිලිණයයි පුදසුනේ
අයාලේ ඇදී නයන ඉවුරේ රැඳී
ඔබ හිඳී මා හදේ සංහිදේ

ඔබ කුසුම් තිලිණයයි පුදසුනේ
ඔබ හිඳී මා හදේ සංහිදේ
ඔබ කුසුම් තිලිණයයි පුදසුනේ
ඔබ හිඳී මා හදේ සංහිදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aware Pipi Song Lyrics - අවාරේ පිපී ගීතයේ පද පෙළ Aware Pipi Song Lyrics - අවාරේ පිපී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 18, 2022 Rating: 5

0 comments:

Post a Comment