මාළු ඇඹුල් තියල් හදමු (Ablthiyal)

මාළු ඇඹුල් තියල් හදමු (Ablthiyal) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • කෑලි වලට කපාගත් මාළු ග්‍රෑම් 500ක් ( කෙළවල්ලා හරි බල මාළු හරි ගන්න)
  • ගොරකා ක්‍රීම් මේස හැඳි 3 1/2
  • ගම්මිරිස් මේස හැඳි 3 ක්
  • බැදපු මිරිස් කුඩු මේස හැඳි 2 ක්
  • කහ කුඩු මේස හැඳි 1/2
  • සුදු ළූණු බික් 5 ක් 6 ක්
  • අමු ඉඟුරු කෑල්ලක් 
  • ලුණු මේස හැඳි 1 ක්
  • කරපිංචා,රම්පෙ,කුරුඳු කෑල්ලක් 
  • එනසල් ඇට 4 ක්
  • සේර කැබැල්ලක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම මම මාළු ටික සෝදන තැන ඉඳන්ම කියන්නම්.අනිවාර්යයෙන්ම කෙළවල්ලා හෝ බල මාළු පමණක්ම අර ගන්න.මාළු ගනිද්දි කෑලි වලට කපලම අර ගන්න.හැබැයි එයාට කියන්න ඇඹුල් තියල් වලට ගන්න කියල. එතකොට එයාල දන්නව කපන්න ඕන නියම ප්‍රමාණය.දැන් ගෙදර ගෙනත් මොකද කරන්න ඕන? මුලින්ම මාළු කෑලි ටික භාජනයකට දාල පොල් වතුර ටිකක් දාල විනාඩි 15 ක් වගේ තියන්න. ඒ ඇයිද දන්නවද? පොල් වතුර වලට මාළු වලට කෙමිකල් වගේ ගහල තියනවා නම් අන්න ඒවා විනාශ වෙලා යනව.
  2. ♦️ ඊළඟට කරන්න ඕන කහ ලුණු අත ගාන එක.ඒ මොකක්ද ඒ 😃😃 ඒක දකුණුලක අය නම් දන්නවා.ඒ කියන්නෙ මාළු වල පිළී ගඳ අයින් කර ගන්න එක.මුලින්ම හොඳින් පිරිසිදු කරගත් මාළු කැබලි ටිකට කහ ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් ඉහල දෙහි බෑයක් මිරිකලා දාල අතගාල තවත් විනාඩි 15 ක් වගේ තියල සෝදල ගන්න.අන්න එතකොට පිළී ගඳ කියන එන එන්නෙම නෑ.නොකන අයටත් කන්න හිතෙනවා. 
  3. ♦️ ඊට පස්සේ මැටි ඇතිලියක් අරගෙන ඒකට, එයට ගොරකා ක්‍රීම් ටික බැදපු මිරිස් කුඩු (මිරිස් කුඩු ටික අනිවාර්යයෙන්ම බැදල අර ගන්න) ගම්මිරිස් කුඩු, කහ ස්වල්පයක්, ලුණු එක් කරලා හොඳින් මිශ්‍ර කරලා පේස්ට් එකක් වගේ හදාගන්න.මේක අතින් අනා ගන්න.අපි නම් ඉතින් ගලේ තමයි ගොරක එහෙම අඹරලා ගන්නෙ.ගොරක ටික තියල වතුර මේස හැන්දක් දාල තදට අඹරල ගන්නවා. කඩෙන් ගොරක ක්‍රීම් ගේන්නෙ නැහැ.ඒ වගේම බ්ලෙන්ඩර් එකේ අඹරන්නෙත් නැහැ. අපිට ඒව එච්චර හුරු නැහැ 😃 🔴 ඇත්තටම කිව්වොත් ඔය මිරිස් ගල එතකොට වංගෙඩිය භාවිතා කරන අයට ඒක හොඳ ව්‍යායාමයක්.එතකොට ඔය ලෙඩ රෝග උනත් හැදෙන්නෙ නැහැ.ඉස්සර මුළුතැන් ගේ කියන්නෙ Gym එකක් වගේ.😃😃
  4. ♦️ ඔන්න මම දැන් කියනව ඇඹුල් තියල් එක රසම රසට උයන්න රහසක්.දැන් අපි පේස්ට් එක හදල ඉවරයි නේ.දැන් පිස ගන්න හදන්නෙ.අනිවාර්යයෙන්ම මැටි ඇතිලියක්ම විතරක් ගන්න.ඇලුමිනියම් වල හදල වකුගඩු එහෙම නරක් කර ගන්න එපා.අපි අර ගනිපු මැටි ඇතිලියේ පතුලට කෙසෙල් කොලයක් තියන්න.අන්න ඒක තමයි කියනවා කිව්ව රහස.ඒ එලපු කෙසෙල් කොලේ පොඩියට පිහි තුඩකින් කතිරයක් අඳින්න.(පොඩ්ඩක් සිදුරු කරන්න) 
  5. ♦️ දැන් හදාගත් පේස්ට් එකෙන් ට්කක් මේ කෙසෙල් කොලේ එලපු ඇතිලියේ හොඳට තුනී කරන්න.ඊට පස්සේ ඊට උඩින් පිරිසිදු කරගත් මාළු කැබලි වෙන වෙනම අතුරන්න.පසුව ඊට උඩින් පේස්ට් එකේ ඉතුරු ටික දා ගන්න. අපි එහෙම කරන්නේ ඒ මාළු කැබලි වලට සකස් කරගත්ත පේස්ට් එක හොඳට අවශෝෂණය කර ගන්න ඕන නිසා.
  6. ♦️ පසුව සුදු ළූණු, තලාගත් අමු ඉඟුරු, කරපිංච, රම්පෙ,එන්සල් සහ තලාගත් සේර කෑල්ලක් මෙන්ම කුරුදු පොත්තක් එකතු කරන්න. ඊට පස්සේ මාළු කැබලි වැසෙන මට්ටමට අවශ්‍ය තරම් වතුර එකතු කරන්න.🔴 වතුර එකතු කරන්නෙ මාළු ටික වැහෙන ප්‍රමාණයට විතරයි.
  7. ♦️ ඊට පස්සේ ලිප තබා පියනකින් වහල මද ගින්නේ පිසීම කරන්න.අනිවාර්යයෙන්ම ගින්දර වැඩි කර ගන්නෙ නැතුව අඩු ගින්දරේ පිස ගන්න. ඒ අතර විනාඩි කිහිපයකට වරක් පියන ඉවත් කරල ඉදෙන මාළු ඇඹුල් තියල් භාජනය අත් දෙකෙන් පරිස්සට අරගෙන ටිකක් සොලවලා, මාළු කැබලි එහෙ මෙහෙ කරන්න. 🔴 මතක තියා ගන්න.හැන්ද අරන් කවලම් කරන්න යන්න නම් එපා.එහෙම උනොත් අනිවාර්යයෙන්ම මාළු කෑලි කැඩෙනවා.
  8. ♦️ පැය භාගයක් වගේ යද්දි ඇඹුල් තියල් එක ගානට ඉදෙනවා.පුදුම සුවදක් දැනෙනවා ගානට පිසුනාම.ඒක ඇඹුල් තියල් වලටම අදාල ආවේණික සුවදක්.ඒක ඉතින් දන්නෝ දනිති.
👹️👹️ උපරිම අන්තරාදායක සැමන් ටින් උස්සන් ඇවිත් ගිලල රටේ නැති ලෙඩ හදා ගන්නෙ නැතුව මෙන්න මේ වගේ දෙයක් සතියකට එක පාරක් වත් හදල කන්න.විශේෂයෙන් කුඩා දරුවන්ට වගේ නම් ඔය ටින් මාළු දෙන්නම එපා. අනික මේ වගේ දෙයක් හදාගත්තාම දවස් තුනක් හතරක් යස අගේට තියා ගන්නත් පුළුවන්. එහෙම තියා ගන්නවා නම් වතුර ගෑවුණු හැඳි වලින් එහෙම බෙදා ගන්න එපා. 
🔴🔴 අපේ ගම් වල නම් ඉතින් මේ වගේ දෙයක් හැදුවාම තියන්නෙ දුම් මැස්ස උඩ.ඒ වගේම කොණ්ඩ කැවුම් එහෙම හැදුවාම මුට්ටියක දාල පොල් කට්ටකින් වහල ඒක තියන්නෙත් මෙන්න මේ දුම් මැස්ස උඩ තමයි.එතකොට කූඹි යන්නෙ නැහැනේ.ඒව  ඉතින් ගම් වල සුන්දර කතා තමයි 😃 නැත්නම් ගම් වල වෙනමම ලිප්ගල් තුනක් තියනව ප්‍රධාන ලිප ලඟින්ම.අන්න ඒකෙ තියනවා.ඇත්තටම ගම කියන්නෙ හැමෝටම Heaven එකක්ම තමයි ❤
🔴🔴🔴 තවත් දෙයක් ඕන නම් මේ මාළු ඇඹුල් තියල් එකට ගොරක වෙනුවට අඹ හෝ සියඹලා එකතු කරල වෙනමම රහකට හදා ගන්නත් පුළුවන්.
❤ එහෙම නම් මේ රසම රස ඇඹුල් තියල් එක හදල රස විඳින්නකෝ හැමෝම 😃

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
මාළු ඇඹුල් තියල් හදමු (Ablthiyal) - Your Choice Way

මාළු ඇඹුල් තියල් හදමු (Ablthiyal) - Your Choice Way

මාළු ඇඹුල් තියල් හදමු (Ablthiyal) - Your Choice Way

මාළු ඇඹුල් තියල් හදමු (Ablthiyal) - Your Choice Way

මාළු ඇඹුල් තියල් හදමු (Ablthiyal) - Your Choice Way

මාළු ඇඹුල් තියල් හදමු (Ablthiyal) - Your Choice Way

මාළු ඇඹුල් තියල් හදමු (Ablthiyal) - Your Choice Way

මාළු ඇඹුල් තියල් හදමු (Ablthiyal) - Your Choice Way

මාළු ඇඹුල් තියල් හදමු (Ablthiyal) - Your Choice Way

මාළු ඇඹුල් තියල් හදමු (Ablthiyal) - Your Choice Way

මාළු ඇඹුල් තියල් හදමු (Ablthiyal) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මාළු ඇඹුල් තියල් හදමු (Ablthiyal) මාළු ඇඹුල් තියල් හදමු (Ablthiyal) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2022 Rating: 5

0 comments:

Post a Comment