Poth Mitiya Bara Wadiyi Song Lyrics - පොත් මිටිය බර වැඩියි ගීතයේ පද පෙළ

Song Title : Poth Mitiya Bara Wadiyi (පොත් මිටිය බර වැඩියි)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ප්‍රීති රන්දෙණිය
තනුව : සමන්ත පෙරේරා


පොත් මිටිය බර වැඩියි
කී නුඹේ පොඩි අතට
ගිණි අවිය බර නැද්ද මල්ලියේ
ගෙරවුමට බිය වැදුණු
නුඹ කොහොම ඉන්නවද
වෙඩි හඬින් නොසෙල්වී බංකරේ

පියා මළ දා නිවුණ
ලිපේ ගිණි ළය දවා
ගලක් වී බරක් වූ වංගියේ
මරණයේ අවි අරන්
නුඹ දැවෙයි දිවා රෑ
අපේ ගිණි නිවේවි ද මල්ලියේ

පොත් මිටිය බර වැඩියි
කී නුඹේ පොඩි අතට
ගිණි අවිය බර නැද්ද මල්ලියේ
ගෙරවුමට බිය වැදුණු
නුඹ කොහොම ඉන්නවද
වෙඩි හඬින් නොසෙල්වී බංකරේ

සතර අත ඇද හැළෙන
මහා වෙඩි වරුසාව
මල් පියලි සේ නුඹට දැනීයන්
නුඹේ තනි නොතනියට
ගී කියන වවුල් කැළ
සුදු පරෙවි රෑන සේ පෙනීයන්

පොත් මිටිය බර වැඩියි
කී නුඹේ පොඩි අතට
ගිණි අවිය බර නැද්ද මල්ලියේ
ගෙරවුමට බිය වැදුණු
නුඹ කොහොම ඉන්නවද
වෙඩි හඬින් නොසෙල්වී බංකරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Poth Mitiya Bara Wadiyi Song Lyrics - පොත් මිටිය බර වැඩියි ගීතයේ පද පෙළ Poth Mitiya Bara Wadiyi Song Lyrics - පොත් මිටිය බර වැඩියි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 30, 2021 Rating: 5

0 comments:

Post a Comment