Kiri Suwanda Athin Gena Song Lyrics - කිරි සුවඳ අතින් ගෙන ගීතයේ පද පෙළ

Kiri Suwanda Athin Gena Song Lyrics - කිරි සුවඳ අතින් ගෙන ගීතයේ පද පෙළ
Song Title : Kiri Suwanda Athin Gena (කිරි සුවඳ අතින් ගෙන)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : සමන්ත පෙරේරා


කිරි සුවඳ අතින් ගෙන
ගිහි ගෙයින් නික්ම ගිය
පොඩි පුතේ මගේ හුරතල්

කහ වතින් සැරසි නුඹ
ගම් මැදට වඩින දින
මගෙ හිතේ පිපේ පින් මල්

ගිහි ගෙවල් වලින් එන
ගිණි සුළං කෝඩ දැක
ඔබ ගියෙද මෙසේ පන්සල්

ගිනි සුළං නැති ද ඔහි
මල් සුවඳ ඇතිද ඔහි
දුක පමණි සසර දිගු කල්

දරු සෙනේ මහිම බල
දැන හැඳින ගතිමි මම
දුක නිසා හෙළූ කඳුළැල්

ඔබ දෙපා දොවන සඳ
ලොව්තුරා සිහින මැද
සිත් පුරා පිපේ සල් මල්

කිරි සුවඳ අතින් ගෙන
ගිහි ගෙයින් නික්ම ගිය
පොඩි පුතේ මගේ හුරතල්

කහ වතින් සැරසි නුඹ
ගම් මැදට වඩින දින
මගෙ හිතේ පිපේ පින් මල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiri Suwanda Athin Gena Song Lyrics - කිරි සුවඳ අතින් ගෙන ගීතයේ පද පෙළ Kiri Suwanda Athin Gena Song Lyrics - කිරි සුවඳ අතින් ගෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 30, 2021 Rating: 5

0 comments:

Post a Comment