නාරං කැවුම් හදමු (Naran Kawum)

නාරං කැවුම් හදමු (Naran Kawum) - Your Choice Way

අද මම ☕ වෙලාවට කන්න රස කෑමක් හැදුවා . නාරං කැවුම්. අමු ද්‍රව්‍ය තුනයි  . හරිම ලෙහෙසියි හදන්න . මෙහෙමයි හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ගා ගත් පොල් 200g (තරමක  බෑයක පොල්)
  • සීනි 150g 
  • හාල් පිටි හෝ පාන් පිටි  100g
  • කහ කුඩු තේ හැදි 1/2
  • බැද ගැනීමට තෙල් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයකට සීනි මේස හැදි 4 දමා කැරමල් එකක් සාදා ගන්න.
  2. පසුව එයට උතුරන වතුර මේස හැදි 4 පමණ දමා හොඳින් කලවම් කරන්න . 
  3. දැන් ඉතිරි වු සීනි ටික දමා උණු කරන්න.
  4. පසුව එයට පොල් ටික එකතු කර හොඳින් කලවම් කර පැණි පොල් සාදා ගන්න .
  5. ඊට පසු කරදමුංගු සහ ලුනු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . 
  6. අවසානෙට එයට සුවද එනතුරු හොඳින් බැද ගත් හාල් පිටි මේස හැදි 3 පමණ පැණි පොල් එකට එකතු කර හොඳින් කලවම් කරන්න . 
  7. පසුව ලිපෙන් ඉවත් කර වෙනත් භාජනයකට දමා තරමක බෝල සාදා ගන්න . (පහල පින්තූරයේ පෙනන පරිදි)
  8. දැන් බැටර් එක සාදා ගමු . භාජනයකට පාන් පිටි හෝ හාල් පිටි දමා එයට ලුනු එකතු කර මිශ්‍ර කරන්න . පසුව එයට වතුර ටික ටික දමමින් උකු බැටර් එකක් සාදා ගන්න .
  9. පැණි පොල් වලින් සාදා ගත් බෝල බැටර් එකේ දවටා රත් වු තෙල් වල දමා බැද ගන්න. 
හදලා බලන්න කෝ.Dhammika Panangala (ධම්මිකා පනංගල)

නාරං කැවුම් හදමු (Naran Kawum) - Your Choice Way

නාරං කැවුම් හදමු (Naran Kawum) - Your Choice Way

නාරං කැවුම් හදමු (Naran Kawum) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නාරං කැවුම් හදමු (Naran Kawum) නාරං කැවුම් හදමු (Naran Kawum) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 05, 2021 Rating: 5

0 comments:

Post a Comment