La Sanda Eliye Song Lyrics - ලා සඳ එළියේ ගීතයේ පද පෙළ

La Sanda Eliye Song Lyrics - ලා සඳ එළියේ ගීතයේ පද පෙළ
Song Title : La Sanda Eliye (ලා සඳ එළියේ)
ගායනය : නුවන් ගුණවර්ධන
තනුව : නුවන් ගුණවර්ධන
පද : නුවන් ගුණවර්ධන


ලා සඳ එළියේ සඳට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා //
ඔබෙ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම මටද හොරා
ලා සඳ එළියේ සඳට හොරා

හිමිදිරි උදයේ හිරැට හොරා
සමනල විහඟුන් සැමට හොරා //
ලා තණපත් මත මුතු පිණි කැට මත
ඔබ කැන්දා එමි මහද කරා

ලා සඳ එළියේ සඳට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා
ඔබෙ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම මටද හොරා
ලා සඳ එළියේ සඳට හොරා

ඔබ මා ළඟ නම් දවස පුරා
ලතැවුල් නොතැනේ භවය තුරා //
දුක සැප එක ලෙස සමව දරා අපි
අතිනත් ගෙන යමු සසර සරා

ලා සඳ එළියේ සඳට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා //
ඔබෙ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම මටද හොරා
ලා සඳ එළියේ සඳට හොරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
La Sanda Eliye Song Lyrics - ලා සඳ එළියේ ගීතයේ පද පෙළ La Sanda Eliye Song Lyrics - ලා සඳ එළියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2021 Rating: 5

0 comments:

Post a Comment