Kandulinma Gayu Song Lyrics - කඳුලින්ම ගැයූ ගීතයේ පද පෙළ

Kandulinma Gayu Song Lyrics - කඳුලින්ම ගැයූ ගීතයේ පද පෙළ
Song Title : Kandulinma Gayu (කඳුලින්ම ගැයූ)
ගායනය : නුවන් ගුණවර්ධන
සංගීතය : සරත් දසනායක
පද : අජන්තා රණසිංහ


කඳුලින්ම ගැයූ පෙම් ගීතේ
ඇසුවා ඔයා සිනාසී සිනාසී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ

රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා
ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා
ආදර ලෝකේ ඔබ මට පෙන්නා
දවසක රහසේ ඔබ කොයි ගියාදෝ

දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ

ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුණා
මට මගෙ ලෝකේ අඳුරුයි දැණුනා
සීත සමීරේ ගිණියම් වූවා
ඒ දැක මිහිරේ ඔබ නම් සිනාසේ

දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandulinma Gayu Song Lyrics - කඳුලින්ම ගැයූ ගීතයේ පද පෙළ Kandulinma Gayu Song Lyrics - කඳුලින්ම ගැයූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2021 Rating: 5

0 comments:

Post a Comment