Kiri Muhudu Werale Song Lyrics - කිරි මුහුදු වෙරළේ ගීතයේ පද පෙළ

Kiri Muhudu Werale Song Lyrics - කිරි මුහුදු වෙරළේ ගීතයේ පද පෙළ
Song Title : Kiri Muhudu Werale (කිරි මුහුදු වෙරළේ)
ගායනය : නුවන් ගුණවර්ධන
සංගීතය : නුවන් ගුණවර්ධන
පද : නුවන් ගුණවර්ධන


කිරි මුහුදු වෙරළේ නැළවී තරංගා
කාගේද පිළි රූ අඳී
ඒ රූප චායා ඔබගේ නොවේදෝ
ඒ රූප චායා ඔබගේ නොවේදෝ

සැන්දෑ සඳේ දුර නිම් තෙරේ
කවුදෝ ඉඳන් හිනැහේ බලා
අකුලේ පිපී කුසුමක් වගේ
හිතුණත් අනේ ලං වෙන්න බෑ
ලා රෝස දෙතොලේ සිනා
මට ප්‍රේම ආරාධනා

කිරි මුහුදු වෙරළේ නැළවී තරංගා
කාගේද පිළි රූ අඳී
ඒ රූප චායා ඔබගේ නොවේදෝ
ඒ රූප චායා ඔබගේ නොවේදෝ

සුළඟේ එතී සුවඳක් දැනේ
ඒ මාරුතේ මට වාසනා
හඩකින් දුරින් නොකියා කියයි
පෙර නෑසූ ඒ මදු ගීතිකා
ඔබ කවුද කොහි ඉන්නේ දෝ
සිහිනෙක හමුවෙන්න දෝ

කිරි මුහුදු වෙරළේ නැළවී තරංගා
කාගේද පිළි රූ අඳී
ඒ රූප චායා ඔබගේ නොවේදෝ
ඒ රූප චායා ඔබගේ නොවේදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiri Muhudu Werale Song Lyrics - කිරි මුහුදු වෙරළේ ගීතයේ පද පෙළ Kiri Muhudu Werale Song Lyrics - කිරි මුහුදු වෙරළේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2021 Rating: 5

0 comments:

Post a Comment