Dolak Dutimi Song Lyrics - දොළක් දුටිමි ගීතයේ පද පෙළ

Dolak Dutimi Song Lyrics - දොළක් දුටිමි ගීතයේ පද පෙළ

Dolak Dutimi Song Lyrics - දොළක් දුටිමි ගීතයේ පද පෙළ
Song Title : Dolak Dutimi (දොළක් දුටිමි)
ගායනය : සමිතා මුදුන්කොටුව සමග රාජු බණ්ඩාර
පද : කුලරත්න ආරියවංශ
තනුව : රෝහණ වීරසිංහ


දොළක් දුටිමි ඇද හැළෙනා
හෙල් පාමුල නිල් තලයේ
මලක් දුටිමි පෙති විදහා
දොළ ඉවුරේ සෙල් තලයේ //

දොළේ ගීත නැඟෙයි සෙමින්
බිඟු රසුදැල් සැළෙන සරින්
මලේ රුසිරු දිලේ රුවන්
මිණි මුතු හර පැළඳි රුවින්

දොළ රඟදෙයි
මල හිනැහෙයි //
ලොව පිබිදෙයි
රස විසිරෙයි
දොළක් දුටිමි ඇද හැළෙනා
හෙල් පාමුල නිල් තලයේ
මලක් දුටිමි පෙති විදහා
දොළ ඉවුරේ සෙල් තලයේ //

මලේ පියලි මිලින කරන්
හිරු සැඟවෙයි අවරගිරින්
දොළේ සීත සළුව මතින්
මළගම් යයි මල රහසින්

ලොව නිහඬයි
දොළ වැළපෙයි //
ඝණ අඳුරයි
රළ නොනිවෙයි
දොළක් දුටිමි ඇද හැළෙනා
හෙල් පාමුල නිල් තලයේ
මලක් දුටිමි පෙති විදහා
දොළ ඉවුරේ සෙල් තලයේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dolak Dutimi Song Lyrics - දොළක් දුටිමි ගීතයේ පද පෙළ Dolak Dutimi Song Lyrics - දොළක් දුටිමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2021 Rating: 5

0 comments:

Post a Comment