Babareku Haduwa Song Lyrics - බඹරෙකු හැඬුවා ගීතයේ පද පෙළ

Babareku Haduwa Song Lyrics - බඹරෙකු හැඬුවා ගීතයේ පද පෙළ
Song Title : Babareku Haduwa (බඹරෙකු හැඬුවා)
ගායනය : නිරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය
පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


බඹරෙකු හැඬුවා
මලක් ළඟදි බඹරෙකු හැඬුවා
හැඬුවා
මලක් ළඟදි බඹරෙකු හැඬුවා

ඇහේ කඳුළු ඇති ඒ බඹරිඳු දැක
හඬන්නෙ ඇයිදෝ මල ඇසුවා
මල ඇසුවා

ලන්ද එහා ඇති ඕවිට පාමුළ
කේතකි මල මට බහ දුන්නා
කවුදෝ ඇවිදින් එ මල නෙලූ බව
ඉකිබිඳිමින් බඹරිඳු කීවා

ඇහේ කඳුලු නොව හිතේ කඳුලු දැක
ඇයටත් හරියට දුක හිතුණා
එහෙනම් මා වෙත පියඹා එන්නයි
සෙනෙහෙ සිතින් ඒ මල කීවා

බඹරෙකු හැඬුවා
මලක් ළඟදි බඹරෙකු හැඬුවා
හැඬුවා
මලක් ළඟදි බඹරෙකු හැඬුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Babareku Haduwa Song Lyrics - බඹරෙකු හැඬුවා ගීතයේ පද පෙළ Babareku Haduwa Song Lyrics - බඹරෙකු හැඬුවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 24, 2021 Rating: 5

0 comments:

Post a Comment