පපායා කස්ටඩ් හදමු (Papaya Custard Cream) 🍨

පපායා කස්ටඩ් හදමු (Papaya Custard Cream) 🍨 - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හොඳින් ඉදුණු ගස්ලබු ගෙඩියක්
  • Fresh milk මිලි ලීටර් 250 
  • සීනි ග්‍රෑම් 50 (රස අනුව)
  • කස්ටඩ් පවුඩර් මේස හැඳි 2
  • වැනිලා ස්වල්පයක් 
  • ලුණු තේ හැඳි 1 
  • බිස්කට් 2 ක්
  • මුදරස් පලම් ටිකක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම ගස්ලබු ගෙඩිය පොතු ඇරල පොඩි කෑලි වලට කපල භාජනයකට දාල ඩීෆිෂර් එකේ පැය තුනක් වගේ තියන්න.
  2. ♦️ පසුව ඒ ටික හොඳින් බ්ලෙන්ඩ් කරල ගන්න.
  3. ♦️ කස්ටඩ් පවුඩර් ටික කිරි ටිකක වෙනම දිය කරල පැත්තකින් තියන්න.
  4. ♦️ දැන් කිරි ටික ලිප තියල උණු කරන්න. කිරි ටික උණු වන විට එයට දිය කර ගත් කස්ටඩ් පවුඩර් ටික එකතු කරන්න.මද වේලාවකින් එයට බ්ලෙන්ඩර් කරගත් ගස්ලබු ටික සහ ලුණු සහ වැනිලා ස්වල්පයක් එකතු කරන්න.🔴🔴 Fresh milk නැත්නම් පිටි කිරි ගන්නත් පුළුවන්. හැබැයි පිට රට ඉඳන් ගෙන්නවන වස විස ගන්නවා නෙවෙයි.එක්කො හයිලන්ඩ් හෝ පැලවත්ත විතරක් ගන්න. මම ගත්තෙ රු.45 කිරි පැකට් දෙකක්.
  5. ♦️ විනාඩි 5 ක් වගේ යනවිට මේ මිශ්‍රණය හොඳට ඝන වීගෙන එනවා එතකොට මුදරස් පලම් ටිකක් කජු හෝ රට ඉඳි තියේනම් ටිකක් එකතු කරන්න.මෙම මිශ්‍රණය හැන්දෙ දැවටෙන ගානට ආවම ලිපෙන් බා ගන්න.
  6. ♦️ දැන් වෙන වෙනම ඩෙසර්ට් කප් වලට හෝ එක භාජනයකට දාන්න.ටිකක් නිවෙන්න තියන්න.
  7. ♦️ කැමති බිස්කට් දෙකක් තුනක් අරන් සීනි හැඳි 2 ක් දාල බ්ලෙන්ඩර් කරල උඩට ඉසින්න. චොක්ලට් පවුඩර් වගේ තියේ නම් ඒවා ගන්න.
  8. ♦️ පැය 3 ක් වගේ ශීතකරණයේ තියල රස විඳින්න. ඇත්තටම ගොඩක් රසයි. අද මට නිවාඩුවක් ලැබුනා. ඉතින් හිතට ආපු ක්ෂණික  අදහසකට අනුව ඔන්න හැදුවා අලුත් දෙයක්.
🔴🔴 මේකයි ඉතින් අපි මේ විනෝදාංශයක් වශයෙන් මෙහෙම හැදුවට ගස්ලබු නිකන් කන එක තමා ගුණදායකම. නැත්නම් ජූස් එකක් හදල දෙහි පොඩ්ඩක් දාල බොන එක. පුළුවන් හැම වෙලේම නැවුම් එළවළු පළතුරු කන්න.එක අමතක කරන්න එපා 👍👍👍

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)

👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පපායා කස්ටඩ් හදමු (Papaya Custard Cream) 🍨 පපායා කස්ටඩ් හදමු (Papaya Custard Cream) 🍨 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 24, 2021 Rating: 5

0 comments:

Post a Comment