Kanden Eha Song Lyrics - කන්දෙන් එහා ගීතයේ පද පෙළ

Kanden Eha Song Lyrics - කන්දෙන් එහා ගීතයේ පද පෙළ
Song Title : Kanden Eha (කන්දෙන් එහා)
ගායනය : නිරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : මහින්ද බණ්ඩාර


කන්දෙන් එහා
නිල් නිම්නයේ
සීතෙන් පෙඟී ඉන්නේ මමයි

මීදුම් සැඳෑ ආනන්දයේ
උණුසුම් සිතින් එන්නේ මමයි

කඳු රෑනේ හැන්දෑවේ
සිත පාළුයි පාළුයි නේ
පවනැල්ලේ මා එනවා
සුබ සැන්දෑවක් වාගේ
සිරි සිරි හඬින්
සිරි පොද වැටී
සිතිවිලි මගේ
සීතලයි

මීදුම් සැඳෑ ආනන්දයේ
උණුසුම් සිතින් එන්නේ මමයි

ළපටි තේ දළු
සීත දැනිලා
තුරුළු වෙනව පෙනේ
සැලෙන දෙතොලට
සුවඳ උණුසුම්
බිඳක් ඕනි ද ප්‍රියේ
දෑත පොරවා මා දැන්
මඟ බලා ඉන්නම්

මීදුම් සැඳෑ ආනන්දයේ
උණුසුම් සිතින් එන්නේ මමයි

කන්දෙන් එහා
නිල් නිම්නයේ
සීතෙන් පෙඟී ඉන්නේ මමයි

රෑන විහඟුන්
කූඩු වෙනවා
උන්නෙ උණුසුම සොයා
රතු වලාකුළු
සේද මීදුම්
කන්ද මුදුනට ගියා
ඉන්න තව මොහොතක්, මා
නිමේ‍ෂෙන් එනවා

කන්දෙන් එහා
නිල් නිම්නයේ
සීතෙන් පෙඟී ඉන්නේ මමයි

මීදුම් සැඳෑ ආනන්දයේ
උණුසුම් සිතින් එන්නේ මමයි

කඳු රෑනේ සැන්දෑවේ
සිත පාළුයි පාළුයි නේ
පවනැල්ලේ මා එනවා
සුබ සැන්දෑවක් වාගේ
සිරි සිරි හඬින් සිරි පොද වැටී
සිතිවිලි මගේ
සීතලයි
මීදුම් සැඳෑ ආනන්දයේ
උණුසුම් සිතින් එන්නේ මමයි

ම්ම්.. ම්ම්..ම්ම්..ම්ම්  ම්ම්..ම්ම්..ම්ම්  ම්ම්..ම්ම්
ආ අහාහා අහාහා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kanden Eha Song Lyrics - කන්දෙන් එහා ගීතයේ පද පෙළ Kanden Eha Song Lyrics - කන්දෙන් එහා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 24, 2021 Rating: 5

0 comments:

Post a Comment