දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 03 ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය (Significance Of The Day - December 03 International Day Of Persons With Disabilities)

දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 03 ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය  (Significance Of The Day - December 03 International Day Of Persons With Disabilities) - Your Choice Way

ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය අදට (දෙසැම්බර්‌ 03) යෙදී තිබේ.

වර්ෂ 1992 ජගත් මහා මණ්ඩලයේ සම්මත වූ යෝජනාවකට අනුව සෑම වසරකම දෙසැම්බර් 03 දින ලොව බොහොමයක් රටවල් ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය සමරනු ලබයි. ශ්‍රී ලංකාව ද අඛණ්ඩව එම සැමරුමට එක් වන අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය ලැබෙන ජාත්‍යන්තර සැමරුමකි.

 ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ කරුණු අවබෝධ කර ගැනීම, අබාධ සහිත පුද්ගලයන්ගේ අභිමානය, අයිතිවාසිකම්, සුබසාධනය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය වෙනුවෙන් අනුග‍්‍රහය දැක්වීම මෙදින සැමරුම් තුළින් අපේක්ෂා කෙරේ. ආර්ථික, සමාජ, දේශපාලන හා සංස්කෘතික යන සමාජ සංවර්ධනයේ සෑම අංශයකටම ආබාධිත පුද්ගලයින්ගේ දායකත්වය ලබා ගැනීම තුළින් ළඟා කර ගත හැකි ප්‍රතිලාභයන් පිළිබඳව දැනුවත්කිරීම ඒවා ඉහළ නැංවීම ද මේ මඟින් අපේක්ෂිතය.

ආබාධිත නොවන සාමාන්‍ය පුරවැසියා මෙන්ම, ආබාධිත පුද්ගලයා ද සම අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද භුක්ති විදිමින් සමාජය තුළ ජීවත්විය යුතුය. වර්තමානයේ ලොවක් ලෙස මුහුණ දී ඇති කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුවද, ආබාධ සහිත පුද්ගලයින්ගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය පිළිබඳවත් අප වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ.

ලොව ආබාධිත පුද්ගලයින් බිලියනයක ජනගහනයෙන් 80% ක් පමණ ජීවත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලය. ඒ අතරින් වයස අවුරුදු 60 සහ ඊට වැඩි වැඩිහිටියන් සංඛ්‍යාව 46% ක් බව යුනෙස්කෝ සංවිධානය පෙන්වාදී ඇත.

අබාධිත පුද්ගල ජනගහණයේ ඉහළ යාම සංවර්ධනය වෙමින් පවත්නා රටවල සංවර්ධන ක්‍රියාදාමයට බාධාකාරී තත්ත්වයක් වුවද, අප එය ධනාත්මක ආකාරයට රටේ සංවර්ධනය කෙරෙහි යොදා ගත යුතුය. ඔවුන් සතු විශේෂ නිර්මාණ හැකියාවන් සහ කෞෂල්‍යයන් වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දීමේ රජයේ ප්‍රමුඛ වගකීමකි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය කේන්ද්‍රගතව සංවර්ධනයෙහි නව මාවතකට ශ්‍රී ලංකාව යොමුව ඇති පසුබිමක් තුළ, ආබාධිත සහෝදර සහෝදරියන්ගේ අනාගතය මෙන්ම රටේ අනාගතය කෙරෙහි විශ්වාසය තැබිය හැකි හෙටක් නිර්මාණය කරන බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

සාමාන්‍ය පුරවැසියන් ඉලක්ක ගතව සිදු කෙරෙන සෑම සුභසාධන සහ සංවර්ධන වැඩ කටයුත්තක් තුළම එකී සහභාගීත්වය අබාධිත පුරවැසියාට ලබාදීමත්, ඔවුන්ගේ සුබ සාධනය නගා සිටුවීමටත් අප රජය කැප වෙමු. එහිදී, ඔවුන්ට සමාජය තුළින් මුහුණ දීමට සිදුවන දුෂ්කරතා හා බාධක මඟහරවා ගනිමින් සම අයිතිවාසිකම් භුක්තිවිදීමට ඇවැසි භෞතික පරිසරය නිර්මාණය කරදීම රටේ සාමාන්‍ය පුරවැසියන් ලෙස අප සැමගේ වගකීමකි. ඒ සඳහා අවශ්‍ය වන්නා වූ සමාජීය ආකල්ප වෙනස් කරගනිමින්, ඔවුනට ශක්තියක්වීමට මෙවර ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනයේදී අපි අත්වැල් බැද ගනිමු.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 03 ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය (Significance Of The Day - December 03 International Day Of Persons With Disabilities) දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 03 ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය  (Significance Of The Day - December 03 International Day Of Persons With Disabilities) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2021 Rating: 5

0 comments:

Post a Comment