Virajini Song Lyrics - විරාජිනි ගීතයේ පද පෙළ

Virajini Song Lyrics - විරාජිනි ගීතයේ පද පෙළ
Song Title : Virajini (විරාජිනි)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය : නාලක අංජන කුමාර
ගී පද : කෝන්වැව ආරියරත්න හිමි


විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ
වරම් දෙන්න අත දීපන්
මට පරහක් නොවේ උඹේ
නළලේ තිලකේ

ඉරේ පාට හැන්දඋවට තිලකය තියලා නළලට
හිනැහෙනකොට මූණේ මල් යාය පිපේවී
ලී පැලැල්ල ඉර හෙවණට මාළිගාව වුණ කරුමෙට
චාටු තාරුකා මල් නිදි ඇඳට වැටේවී
රෑට රෑට උඹ තනියෙන් හීන දකිවී

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ
වරම් දෙන්න අත දීපන්
මට පරහක් නොවේ උඹේ
නළලේ තිලකේ

මාල ගොතන්නට හිතාන තරු මල් හීනෙන් ඇහිඳින
උඹේ සුවඳ මගෙ හිත යට උඹ නොදනිවී
හඳපානට ගෙට නොඑන්න වියන් බඳින මකුළුවන්ට
උඹයි මායි අහස පොළොව වාගෙ පෙනේවි
උන්ට හොරෙන් නැගිට වරෙන් ඉන්නම් පේවි

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ
වරම් දෙන්න අත දීපන්
මට පරහක් නොවේ උඹේ
නළලේ තිලකේ

මට පරහක් නොවේ උඹේ
නළලේ තිලකේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Virajini Song Lyrics - විරාජිනි ගීතයේ පද පෙළ Virajini Song Lyrics - විරාජිනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2021 Rating: 5

0 comments:

Post a Comment