Marathondiya Rata Andi Song Lyrics - මරතොණ්ඩිය රටා අඳී ගීතයේ පද පෙළ

Marathondiya Rata Andi Song Lyrics - මරතොණ්ඩිය රටා අඳී ගීතයේ පද පෙළ
Song Title : Marathondiya Rata Andi (මරතොණ්ඩිය රටා අඳී)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය : ගුණදාස කපුගේ
පද රචනය : මහින්ද චන්ද්‍රසේකර


මරතොණ්ඩිය රටා අඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා

වාංගු හඬ පූජාවේ තුන් යමටම ඇසෙනා
තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුලි ගැහිලා
කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා

මරතොණ්ඩිය රටා අඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා

එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා
මුන්දානිය ගෙල එතුණා නුඹ ගෙයි සිර කරලා
පාට පාට සමනලියන් පැළලි වැටෙන් දකිනා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා

මරතොණ්ඩිය රටා අඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා

රාමලාන් සඳ බලන්න එන්න පාතිමා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Marathondiya Rata Andi Song Lyrics - මරතොණ්ඩිය රටා අඳී ගීතයේ පද පෙළ Marathondiya Rata Andi Song Lyrics - මරතොණ්ඩිය රටා අඳී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2021 Rating: 5

0 comments:

Post a Comment