තහිනි හදමු (Tahini)

තහිනි හදමු (Tahini) - Your Choice Way

මම අද ඔයාලට අරගෙන ආවේ ඈත අතීතයේ සිට මේ දක්වා බොහෝ රටවල භාවිත වන තල වලින් හරි ඉක්මනට හදාගන්න පුළුවන් රසවත් recipe එකක්.

තල කියන්නේ හරිම ගුණදායක මේදය බහුල ඇට වර්ගයක්. ලොකු පොඩි සැමට කෑමට අනිවාරයෙන් එක් කර ගතයුතු දෙයක්. 

තල වලින් හදන මෙම තහිනි තැවරුමක් ලෙසත් විවිධ කෑම වර්ග රස කරන්නත් සොස් වර්ගයක් ලෙසත් සලාද වලට Dressing එකක් ලෙසත්  අපිට කෑමට එකතු කරගන්න පුළුවන්.එහෙනම් අපි බලමු තහිනි හදන්න මොනවද අවශ්‍ය කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍚 තල ඇට 1 cup
  • 🍚 ඔලිව් ඔයිල් 2 to 3 tbls (පොල් තෙල් හෝ තල තෙල් - මේස හැදි)
  • 🍚 ලුණු රස අනුව
  • 🍚 සුදුලුණු ලොකු බික් 1 (අවශ්‍යනම් පමණක්)
  • 🍚 ගම්මිරිස් ස්වල්පයක් (අවශ්‍යනම් පමණක්)
  • 🍚 දෙහි යුෂ ස්වල්පයක් (අවශ්‍යනම් පමණක්)

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම තල හොදින් සෝදා වතුර පෙරා කබලේ රන්වන් පාට වන තෙක් බැදගන්න. 
  2. ඉන්පසු බැදගත් තල Blender කර ගන්න. 
  3. දැන් Blender කරගත් තල මීශ්‍රනයට ඔලිව් ඔයිල් හා ලුණු එක්කර නැවතත් Blender කරගන්න. සෝස් එකක් ආකාරයට එන තෙක් ඔලිව් ඔයිල් එක්කරමින් හදාගන්න. (සුදුලූණු, ගම්මිරිස්, දෙහි යුෂ අවශ්‍යනම් මේ වෙලාවෙදී එකතු කරගන්න.)
තහිනි යොදා ගෙන හදන Recipe ගොඩක් ඉදිරියෙදි මම ඔයාලට අරගෙන එනවා.
තහිනි හදමු (Tahini) - Your Choice Way

එතෙක් මේ තහිනි එක හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්..

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තහිනි හදමු (Tahini) තහිනි හදමු (Tahini) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2021 Rating: 5

0 comments:

Post a Comment