Aalaya Katath Podu Deyaki Song Lyrics - ආලය කාටත් පොදු දෙයකී ගීතයේ පද පෙළ

Aalaya Katath Podu Deyaki Song Lyrics - ආලය කාටත් පොදු දෙයකී ගීතයේ පද පෙළ
Song Title : Aalaya Katath Podu Deyaki (ආලය කාටත් පොදු දෙයකී)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීත අධ්‍යක්ෂණය : එම්.කේ. රොක්සාමි
1970 දී තිරගතවූ "සුමුදු භාර්යා" චිත්‍රපටියේ ගීයකි.


ලාල්ල ලල ලල ලාල්ල ලාල්ල ලා....

ආලය කාටත් පොදු දෙයකී

එය ප්‍රීති විනෝදය දෙන දෙයකී

යෞවන වසසේ සිහිනයකී
පෙම් ලොවේ සදහටම රජ කරතී
ඕ... හොහොහ් හොහොහ් හොහො හෝ...

ආලය කාටත් පොදු දෙයකී
එය ප්‍රීති විනෝදය දෙන දෙයකී
යෞවන වසසේ සිහිනයකී
පෙම් ලොවේ සදහටම රජ කරතී
ඕ... හොහොහ් හොහොහ් හොහො හෝ...

ජාතිය ආගම කුල භේදේ
සහ වස්තුව තත්වය යන මේ දේ ....//
ආලය හමුවෙ පරාජය වේ
යස නීතිය මේකයි ප්‍රේම ලොවේ
හොහොහ් හොහෝ

ආලය කාටත් පොදු දෙයකී
එය ප්‍රීති විනෝදය දෙන දෙයකී
යෞවන වසසේ සිහිනයකී
පෙම් ලොවේ සදහටම රජ කරතී
ඕ... හොහොහ් හොහොහ් හොහො හෝ...

ආලය වීණාවක් වාගේ
මෙහි තත්සර මවනා මුල් වාගේ ...//
වයනා කලටා සුමිහිරි වේ
මවනා සැපතා සුර සැප වාගේ
හොහොහ් හොහෝ

ආලය කාටත් පොදු දෙයකී
එය ප්‍රීති විනෝදය දෙන දෙයකී
යෞවන වසසේ සිහිනයකී
පෙම් ලොවේ සදහටම රජ කරතී
ඕ... හොහොහ් හොහොහ් හොහො හෝ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aalaya Katath Podu Deyaki Song Lyrics - ආලය කාටත් පොදු දෙයකී ගීතයේ පද පෙළ Aalaya Katath Podu Deyaki Song Lyrics - ආලය කාටත් පොදු දෙයකී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2021 Rating: 5

0 comments:

Post a Comment