Seetha Song Lyrics - සීතා ගීතයේ පද පෙළ

Song Title : Seetha (සීතා)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ප්‍රියා සූරියසේන


සීතා
බාලේ එක්වී දොළ ගාව
හැංගී හැංගී රඟපෑව
රාමායනයේ ඔබ සීතා //

සීතා
කාලේ ගෙවුනා නොදැනීම
රාමා වාගෙයි හිත තාම
මේ ගම්මානේ ඔබ සීතා //

වේවැල් හී දුනු අපි හදලා
සෙල්ලම් රාවණ පරදවලා
ඒ බාලේ කීවා මතකද
රාමා සීතා ලෙස අපි
දවසක මැදුරක ඉමු කියලා

සීතා
කාලේ ගෙවුනා නොදැනීම
රාමා වාගෙයි මම තාම
සීතාමද ඔබ සීතා //

ගම රට තාමත් පෙර වාගේ
වෙනසක් නෑ නොවැ හිත මාගේ
ඒ රාමා සීතා ඔබ මම
හැංගී ඇයි මා දුටුවම
රාවණ නැහැ අද හතුරුවෙලා

සීතා
කන්දේ ලන්දේ දං පේර
කැඩුවා ගෙඩියක් නෑර
ඔබ ඒ පැංචී පොඩි සීතා //

සීතා
බාලේ එක්වී දොළ ගාව
හැංගී හැංගී රඟපෑව
රාමා මා නම් ඔබ සීතා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seetha Song Lyrics - සීතා ගීතයේ පද පෙළ Seetha Song Lyrics - සීතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2021 Rating: 5

0 comments:

Post a Comment