සමපෝෂ අලුවා හදමු (Samaposha Aluwa)

සමපෝෂ අලුවා හදමු (Samaposha Aluwa) - Your Choice Way

මම අදත් හැදුවා හවසට කන්න රස ගුණ කැමක් . සමපෝෂ අලුවා . කලින් හදලා තිබුනට අදත් රෙසිපි එක දාන්නම් අලුත් අයට දැන ගන්න . හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න . 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • සමපෝෂ  350g
  • සීනි කප් 1 (200g)
  • පොල් කප් 1 (100g)
  • වැනිලා තේ හැඳි 1
  • ලුණු තේ හැඳි 1/2
  • කරදමුoගු ඇට 5  (කුඩු කර ගත් )
  • ඇස්ට්‍රා  මේස හැදි 1 
  • වතුර  කප් 1  1/2

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව භාජනයක් ලිප තබා රත් වනවිට පොල් ටික දමා මලව ගන්න. පොල් ටික මැලවුණු පසු වෙනත් භාජනයකට අයින් කරන්න.
  2. එම භාජනයටම සිනි සහ වතුර දමා  උණු කරන්න. උතුරන විට ලුණු , කරදමුoගු කුඩු සග වැනිලා එකතු කරන්න . සීනි නුලක් සේ ඇදෙන ගානට උණු කරන්න.
  3. ඊට  පසු පොල් එකතු කරන්න. හොදින් මිශ්‍ර කරන්න. ඇස්ට්‍රා මේස හැදි 1 එකතු කරන්න. 
  4. අවසානෙට සමපෝෂ ටික ටික එකතු කරන්න. හොදට කලවම් කරන්න . මැදට මිශ්‍රණය ගුලියක් ලෙස එකතු වුවිට ලිපෙන් ඉවත් කර ඇස්ට්‍රා ගාගත් තැටියක තුනී කරන්න.
  5. පසුව ටිකක් ඝන වුවාට පසු කැලි කපා ගන්න. 
  6. හදලා රස බලන්න කෝ.
Dhammika Panangala (ධම්මිකා පනංගල)
සමපෝෂ අලුවා හදමු (Samaposha Aluwa) - Your Choice Way

සමපෝෂ අලුවා හදමු (Samaposha Aluwa) - Your Choice Way

සමපෝෂ අලුවා හදමු (Samaposha Aluwa) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සමපෝෂ අලුවා හදමු (Samaposha Aluwa) සමපෝෂ අලුවා හදමු (Samaposha Aluwa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2021 Rating: 5

0 comments:

Post a Comment