Ruwan Wala Vimane Song Lyrics - රුවන් වලා විමානේ ගීතයේ පද පෙළ

Ruwan Wala Vimane Song Lyrics - රුවන් වලා විමානේ ගීතයේ පද පෙළ
Song Title : Ruwan Wala Vimane (රුවන් වලා විමානේ)
ගායනය : ලතා වල්පොල, එච් ආර් ජෝතිපාල
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : සරත් ද අල්විස්
"අම්මේ ඔබ නිසා" චිත්‍රපටයේ ගීතයක්


රුවන් වලා විමානේ
සිරි යහනාවෝ දුටුවාදෝ..//
දෝතින් ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ..//
රුවන් වලා විමානේ
සිරි යහනාවෝ දුටුවාදෝ..

මේ දෑත සීතල ඇයිදෝ...
මට පවසන්න කොඳුරා ලඳේ..
නෑ තාම උණුසුම කුමරූ..
යමු තනිවෙන්න මිටියාවතේ..
ළංවෙන්න ලඟ ඉන්න කුමරී..
විලවුන් විජිතේ මගේ වාසනා..

රුවන් වලා විමානේ
සිරි යහනාවෝ දුටුවාදෝ..//
දෝතින් ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ..//
රුවන් වලා විමානේ
සිරි යහනාවෝ දුටුවාදෝ..

කඳුයාය අතරේ සුහදේ..
පෙම් විහඟුන් පරාදීසයේ..
මධු චන්ද්‍ර ඇරයුම් ගයනා..
අර ඇසුනාද මනමාලියේ..
පවසන්න මට ලංව මුමුණා
මා පෙර නෑසූ පෙම් ගායනා..

රුවන් වලා විමානේ
සිරි යහනාවෝ දුටුවාදෝ..//
දෝතින් ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ..//
රුවන් වලා විමානේ
සිරි යහනාවෝ දුටුවාදෝ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ruwan Wala Vimane Song Lyrics - රුවන් වලා විමානේ ගීතයේ පද පෙළ Ruwan Wala Vimane Song Lyrics - රුවන් වලා විමානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2021 Rating: 5

0 comments:

Post a Comment