Pethi Gomara Ihunu Bandata Song Lyrics - පෙති ගෝමර ඉහුණු බඳට ගීතයේ පද පෙළ

Pethi Gomara Ihunu Bandata Song Lyrics - පෙති ගෝමර ඉහුණු බඳට ගීතයේ පද පෙළ
Song Title : Pethi Gomara Ihunu Bandata (පෙති ගෝමර ඉහුණු බඳට)
ගායනය : ටී.එම්. ජයරත්න
පද : කුලරත්න ආරියවංශ
තනුව : එච්.එම්. ජයවර්ධන


පෙති ගෝමර ඉහුණු බඳට රිදී මාල පළඳන්නට
පැතූ පැතුම් හද පතුලේ පරවී යනවා
ඔබේ සිනා ගම්මානෙන් සැඟවී යනවා //

පුරා හඳේ හෙවනැල්ලේ
වැව් ඉවුරේ හොර රහසේ
දෙඩූ වදන් තනි යහනක දුක් ගී වෙනවා //

පෙති ගෝමර ඉහුණු බඳට රිදී මාල පළඳන්නට
පැතූ පැතුම් හද පතුලේ පරවී යනවා
ඔබේ සිනා ගම්මානෙන් සැඟවී යනවා

එහා වෙලේ ඉස්මත්තේ
හිතේ ඇඳුණු මන්දිරයට
හැදූ ගෙපැල ඝණ අඳුරේ හෙට තනිවෙනවා //

පෙති ගෝමර ඉහුණු බඳට රිදී මාල පළඳන්නට
පැතූ පැතුම් හද පතුලේ පරවී යනවා
ඔබේ සිනා ගම්මානෙන් සැඟවී යනවා //
ඔබේ සිනා ගම්මානෙන් සැඟවී යනවා
ඔබේ සිනා ගම්මානෙන් සැඟවී යනවා
ඔබේ සිනා ගම්මානෙන් සැඟවී යනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pethi Gomara Ihunu Bandata Song Lyrics - පෙති ගෝමර ඉහුණු බඳට ගීතයේ පද පෙළ Pethi Gomara Ihunu Bandata Song Lyrics - පෙති ගෝමර ඉහුණු බඳට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2021 Rating: 5

0 comments:

Post a Comment